සිය ගුවන් යානාවලට ප‍්‍රමාණය ඉක්මවා සේවකයින් පිරිසක් බඳවා ගැනීම හේතුවෙන් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම දැඩි ලෙස පාඩු ලබන බව ප‍්‍රවාහන රාජ්‍ය අමාත...
ශ්රී ලංකන් එක් ගුවන් යානයක් සඳහා සේවකයින් 333දෙනෙකු සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා අප වෙත පැවසුවේ.
එහිදී "ශ්‍රී ලංකන් එයා ලයින් එක කෝටි විසිදහසක් පාඩුයි. ශ්‍රී ලංකන් එයා ලයින් එකේ ගුවන් යානා තියෙන්නේ 21යි. මේ 21ම කල්බදු පදනම මත අරන් තියෙන්නේ. යානා 21ට සේවකයෝ 8000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. එක සේවකයෙක් වෙනුවෙන් පාඩුව මාසෙකට රුපියල් හාරලක්ෂ පනස්දහසක්. මෙහෙම වෙද්දි කොහොමද ආයතනය ගොඩ ගන්නේ. සාමාන්‍යයෙන් පවත්වාගෙන යන්න එක ගුවන් යානයකට සේවකයෝ 110ත් 120ත් අතර ප්‍රමාණයක් තමයි ඉන්න ඕනේ. කෝටි 20000ක් කියන්නේ අපේ රටේ රාජ්‍ය ආදායමෙන් 10%ක්. එවැනි ණය කන්දරාවක් ආයෝජකයෙක් භාර ගන්න කැමති නෑ." යනුවෙන් ද සඳහන් කළා.
ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා කරමින් සිටින බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
COMMENTS