ම ගේ ඇෙඟ් හැප්පිලා මගේ කට අවුස්සාගෙන ඉතුරු ඒවා මගෙන් අහගන්න එපා. නමුත් මට අහිතකර කරුණු පාවිච්චි කළහොත් මටත් ගොඩක් දේවල් කියන්න සිදුවෙන බව අ...
මගේ ඇෙඟ් හැප්පිලා මගේ කට අවුස්සාගෙන ඉතුරු ඒවා මගෙන් අහගන්න එපා. නමුත් මට අහිතකර කරුණු පාවිච්චි කළහොත් මටත් ගොඩක් දේවල් කියන්න සිදුවෙන බව අපේ පක්ෂයේ අයට මතක් කරනවා යැයි හිටපු අමාත්‍ය ගාල්ල දිස්ත‍්‍රික් එජාප නායක හා ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
ගාල්ල ආසනයේ එජාප බල මණ්ඩල රැස්වීමේ දී මේ බව සඳහන් කළ හෙතෙම වැඩිදුරටත් මෙසේද කීවේය.
දැනුත් ආණ්ඩුව අපේ. සමහර අයගේ මෝඩ සිතුවිලි නිසා අපි ආණ්ඩුව අහිමි කරගෙන තියෙනවා. 19 වැනි සංශෝධනය අනුව අපේ අය කෑගැසුවේ නැතිනම් තාමත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්තයා. මාර්තු මාසයේ ඡුන්දේ තියලා ඉවර වෙනකම්. අපේ දේශපාලන අංශයේ ලද බොළඳ අය කීවා අගමැතිවරයාට අස්වෙන්න කියලා. දින 52 තුළ නොදීපු අරලියගහ මන්දිරය යු.එන්.පී කාරයන්ගේ මෝඩකම් නැතිනම් ජීවිතේට දෙන්නේ නැහැ. සමහර කරුණු මම අඩුවෙන් කියන්නේ පක්ෂයට අහිතකර කරුණු මම කියන්නේ නැහැ. සමස්ත අපේ පක්ෂයේ අයට මේ ගැන මතක් කරන්න ඕන ඒ ගැන. අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕන මන්දබුද්ධිකයෝ වගේ වැඩකරන්න හොඳ නැහැ.
රාජපක්ෂලා එළවන්න පුළුවන් මම දන්න දැනට මේ පොළවේ හොඳ නායකයෙකු ඉන්නවානම් ඒ රනිල් වික‍්‍රමසිංහ මහතා පමණයි. වෙන කෙනෙකුට ඒක කරන්න බැහැ. එතුමා සිටීම තව කෙනෙකුට නායකත්වයකට බාධාවක් නැහැ. එතුමා සිටීම මේ පක්ෂයේ වෙනත් කෙනෙකුට හානියක් නැහැ. කරදරයක් නැහැ. ඉදිරියට යන්න පුළුවන්. රනිල් වික‍්‍රමසිංහ කියන්නේ කෝච්චියට තිබු රුපියලේ කාසියක් වගේ. තැළිලා තැළිලා පදම්වෙලා ඉන්නෙ. පදම ආරක්ෂාවට බෝඞ් එක හැටියට තියාගන්නවා මිසක් අලූත් කාසි තළන්න එපා. මේ පක්ෂයේ ඉදිරියට එන්න ඉන්න නායකයන් තළලා විනාශ කරන්න එපා. සමහර අයගේ පුද්ගලික අවශ්‍යතාවයට සජිත්ව පාවිච්චි කරනවා. සමහර අය රනිල් වික‍්‍රමසිංහ මහත්තයා පාවිච්චි කරන්න බලනවා.
දකුණු පළාතේ අගනගරය වන ගාල්ල ආසනය කිසිදු දවසක රාජපක්ෂලාට පාවලා දුන්නේ නැහැ. සමහර දේශපාලන පක්ෂ දිනුවා කියලා දිනුවා විනෝද වේවි. අනාගතයේ දී ඔබේ දරුවන් මේ සඳහා වන්දිගෙවාවි. මේක හරියට එළාර දුටුගැමුණු යුද්ධයට වඩා භයානක ත‍්‍රස්තවාදී මැතිවරණ ප‍්‍රතිපලයක්. 2014 ඔක්තෝබර් මාසයේ දී අපේ පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක පැනලා යනවා. ඔහු පක්ෂය උකස්කර ගියාට පසු එදා අපේ පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහත්තයා මගෙන් ඇසුවා වජිර, ලංකාවේ ඡුන්ද පොළවල් 14000ම බලාගන්න පුළුවන්ද කියලා. මා කීවා ඔබතුමා හයිය දෙනව නම් මට පුළුවන් කියලා. අපි ඒ වැඬේ කළා. ආර්ථික හයිය දුන්නා. අපි රජය කළාට සමහර කරුණු ගැන අවධානය යොමු කළේ නැහැ. සිංහල බෞද්ධ ඡුන්ද එහෙම ගන්න බැහැ යැයිද මන්ත‍්‍රීවරයා කීවේය.
ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

COMMENTS