දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Pepper racket
Homeප්‍රවෘත්ති

Pepper racket

PropellerAds

රි ෂාඩ් බදුර්දීන් මහතාගෙන් ඉවත් කළ කර්මාන්ත සහ වාණිජ අමාත්‍යංශය ලබා ගත් බුද්ධික පතිරණ මහතා වෙත ලිපියක් යොමු කරමින් වෘත්තිකයන්ගේ ජාතික පෙරමු...

නැවේ විනාශය දරුණුයි... දැනට කැස්බෑවන් 140ක් මැරිලා... ඊයේ විතරක් 8ක්!
ගෙදර ගිය දුමින්ද FB එයි..අනුගාමිකයන්ගෙන් උණුසුම් ප‍්‍රතිචාර
සිංහ පවුලට කොවිඩ් බව සඟවන්න උත්සාහයක් ?
රිෂාඩ් බදුර්දීන් මහතාගෙන් ඉවත් කළ කර්මාන්ත සහ වාණිජ අමාත්‍යංශය ලබා ගත් බුද්ධික පතිරණ මහතා වෙත ලිපියක් යොමු කරමින් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ (PNF) ඉල්ලා සිටින්නේ, ගම්මිරිස්, කරුංකා, කුරුදු, සියලබලා ඇතුළු කුළුබඩු ජාවාරමට තිත තැබීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ගම්මිරිස්, පුවක්, කරුංකා, කරාබු නැටි වැනි ද්‍රව්‍ය වෙනත් රටවලින් ආනයනය කර ඒවා ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ ලෙස ව්‍යාජ ලෙස සහතික කර, නිදහස් වෙළඳ ගිවිසුම් මඟින් ලබා ගන්නා බදු සහන යටතේ ඉන්දියාව ඇතුලු වෙනත් රටවලට අපනයනය කිරීමේ ජාවාරක් රට තුළ ක්‍රියාත්මක වේ.

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් කැදවූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු එහි ජාතික සංවිධායක ලසන්ත වික්‍රමසිංහ මහතා පවසා සිටියේ දේශපාලන බලඅධිකාරියට සම්බන්ධ නිලධාරීන් රේගුව, ආයෝජන මණ්ඩලය වැනි තැන්වල ස්ථානගත කරමින් මෙම ජාවාරම කරගෙන ගිය බවයි.

දේශීය ගොවියාට හිමි අවස්ථාව කොල්ල කමින් කරගෙන ගිය මේ ජාවාරමෙන් ඉපයූ මුදල් අවසානයේ ත්‍රස්තවාදී කල්ලි නඩත්තුව සඳහා ද යොදාගෙන ඇති බව දැන් පැහැඳිළි වී ඇතැයි ඔහු පැවසීය. දේශීය ගොවීන්ට හිමි අවස්ථාව මෙමගින් අහිමි වී ඇති අතර, ඔවුනට සාධාරන මිලක් නොලැබීමට ද මෙම ජාවාරම හේතු වී ඇත. මෙලෙස අයථා ලෙස යෙදවු මුදල් ත්‍රස්තවාදය පෝෂණය කිරීම සඳහා ද යොදා ගත් බව පැහැදිළිය.

බදුර්දීන් මහතාට කර්මාන්ත සහ වාණිජ අමාත්‍යංශය අහිමිව ඇති මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන රටට කරන විශාල සේවයක් ලෙස සළකා මෙම කුළුබඩු ආනයන කිරීමේදී ආනයනික බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය කරන ලෙස වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ඉල්ලා සිටියි.

“මෙම ජාවාරම නැවැත්වීම සඳහා, මෙම භාණ්ඩ ආනයනය කිරීමට ප්‍රථම ආනයනික බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කළ යුතු බව අපි යෝජනා කරමු. එවැන්නක් හඳූන්වාදීම තුළින් ඒ සඳහා රජයේ වගකිව යුතු ආයතනයක අවසරය ලබාගත යුතු වේ. එහිදී ඒ සඳහා අවසර දෙන නිලධාරීන්ද වගකිවයුතු තත්වයට පත්වන නිසා, මෙම අයථා ක්‍රියාව සඳහා අවසර ලබා ගැනීම ඉතාම දුෂ්කර වනු ඇත.

ඒ නිසා මේ භෝග ආනයනය සඳහා, වහාම ක්‍රියත්මක වන පරිදි ආනයනික බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ඔබතුමාගෙන් ඉතා උනන්දුවෙන් ඉල්ලා සිටිමු.” යනුවෙන් අමාත්‍ය බුද්ධික පතිරණ මහතා වෙත වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ (PNF) විසින් යොමු කළ ලිපියේ සඳහන් වේ.

– යටියන ප්‍රදීප් කුමාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Pepper racket
Pepper racket
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjP98yJphvXVmH6Hc10pwz4qfkEwnJ71q_Trb_oQZtd389jhKCAUZBrnLHA3I6I3UAMtIP51qPm8uTHRJtJe-fLKNFnN1KqZx8FSshYgrwuzqTKMs89LMu450F9FA8qD6nQKcE9q_f4uNvD/s320/gammiris-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjP98yJphvXVmH6Hc10pwz4qfkEwnJ71q_Trb_oQZtd389jhKCAUZBrnLHA3I6I3UAMtIP51qPm8uTHRJtJe-fLKNFnN1KqZx8FSshYgrwuzqTKMs89LMu450F9FA8qD6nQKcE9q_f4uNvD/s72-c/gammiris-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/pepper-racket.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/pepper-racket.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy