පි විතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. ලංකාවට පැමිණි ඉන්දියානු අගමැතිවරයා රටේ ජනාධිපත...
පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
ලංකාවට පැමිණි ඉන්දියානු අගමැතිවරයා රටේ ජනාධිපති විපක්ෂ නායක පමණක් නොවේ හිටපු විපක්ෂ නායක සම්බන්ධන් මැතිතුමා හමු වීමට වෙලාව වෙන් කළා.
නමුත් රටේ අගමැතිවරයාගේ කල් ඉකුත්වීමේ දිනයක් දැන් පැනලා එතුමා හමු වීමෙන් දැන් ඇති වැඩක් නැහැ කියලා වෙන්නැති අගමැති හමුවීමට වෙලාවක් වෙන් කරලා තිබුණේ නැහැ.
නරේන්ද්ර මෝදි මැතිතුමා ඉන්දියාවේ අගමැතිවරයා. එයට අනුරූපී සගයා වෙන්නේ ලංකාවේ අගමැති රනිල් වික්රමසිංහ මැතිතුමා. හැබැයි හිටපු විපක්ෂ නායකතුමාටත් කාලය වෙන් කළත් වත්මන් අගමැතිතුමාව හමුවීම කාලය නාස්තියක් කියලා මෝදි මැතිතුමන් කල්පනා කරල තිබුනා.
අන්තිමට අගමැතිතුමා ගුවන්තොටුපළට දුවලා ගිහිල්ලා පරිවාර ඇමතිතුමාව කනෙන් ඇදලා එලියට දාලා මෝදි මැතිතුමාගේ වාහනයට නැගලා ගමන යන විටත් ආපසු ගුවන් තොටුපලට එන විටත් පරිවාර ඇමතිවරයාගේ රාජකාරිය කළා. පරිවාර ඇමැති ලෙස පත්කළ සජිත් ප්රේමදාස ඇමතිවරයා තමන්ට වෙච්ච නස්පැත්තිය ගැන පැත්තකට වෙලා දුකෙන් බලාගෙන ඉන්න සිද්ධ වුණා. මේ ලෝකයේ කිසිම රටක අභිමානවත් අගමැතිවරයෙක් වෙනත් රටක අගමැතිවරයකු ගේ පරිවාර අගමැති ධූරය දරන්නේ නෑ.
අපි රනිල් වික්රමසිංහ මහත්මයාට කියනවා ඔබතුමා වෙනුවෙන් කාලයක් වෙන් කර නැත්නම් ඔබට මා එක වරක් එපා නම් මට ඔබ දහස් වාරයක් එපා කියලා මෝදිට පණිවිඩයක් යවලා පැත්තකට වෙලා නිකන් ඉන්නට තිබුනා. ඒ වෙනුවට ඉන්දීය අගමැතිවරයාගේ පරිවාර ඇමතිවරයා ලෙස කටයුතු කරන්නට යෑමෙන් හෑල්ලුවට ලක් කළේ මේ රටේ ගෞරවනීය අගමැති තනතුරයි. ගරු රනිල් වික්රමසිංහ අගමැති තුමනි අප කැමති වුනත් නැතිවුනත් ඔබතුමා කැමති වුනත් නැතිවුනත් ඔබතුමන් තමයි මේ රටේ අගමැති. ඒ නිසා ඒ ගෞරවනීය තනතුර හෑල්ලුවට ලක්කරන්න එපා කියලා අපි එතුමන්ට කියනවා.
– අරවින්ද අතුකෝරල

COMMENTS