දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘එදා මට පෙනුණේ ඔබව හතුරෙක් වාගෙයි ඇලෙයිනා… අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වාගෙයි ඇලෙයිනා…’ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Homeප්‍රවෘත්ති

‘එදා මට පෙනුණේ ඔබව හතුරෙක් වාගෙයි ඇලෙයිනා… අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වාගෙයි ඇලෙයිනා…’ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

PropellerAds

“පිලිප් ගුණවර්ධන සහ 1956 විප්ලවය” යන පොතෙහි පිලිප් ගුණවර්ධන එකල කියපු අපූරු කතාවක් සටහන් වී තිබේ. පිලිප් 1956 බණ්ඩාරනායකගේ මහජන එක්සත් පෙර...

ටෙස්ට් තරඟාවලිය දිනු එංගලන්ත කණ්ඩායම අදත් පුහුණුවීම්වල - ශ්‍රී ලංකා කණ්ඩායම?
ධම්මික බණ්ඩාර මහා මුදල් කොල්ලයක.. කෝටි දහසක ආසන්න වංචාවක් යයි චෝදනා !
අයියා ගොඩනැගූ මහා රාජ්‍ය මල්ලී පාවා දුන්නා - මැදගොඩ හිමි
“පිලිප් ගුණවර්ධන සහ 1956 විප්ලවය” යන පොතෙහි පිලිප් ගුණවර්ධන එකල කියපු අපූරු කතාවක් සටහන් වී තිබේ. පිලිප් 1956 බණ්ඩාරනායකගේ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත් වීමට පෙර බණ්ඩාරනායකට එරෙහිව ආණ්ඩුව තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත්, මේ කුමන්ත්‍රණය සැලසුම් කරන්නේ ඇමෙරිකානු තානාපතිගේ නිවෙසේ බව පිලිප් කී බවත් එහි සඳහන්ය. පිලිප් බණ්ඩාරනායක ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති ධුරයෙන් ඉවත් වූවා නොව, ඔහුට ඉවත් වීමට සිදුවිය. ඒ, ඔහු ගෙන ආ කුඹුරු පනතට එරෙහිව බණ්ඩාරනායකගේ කැබිනට් මණ්ඩලය අවි අමෝරාගත් නිසාය. අන්තිමේදී ඔවුහු පිලිප් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන තෙක් කැබිනට් මණ්ඩලය වර්ජනය කළහ. පිලිප්ට ඉවත් වීම හැර විකල්පයක් නොවීය. පිලිප්ගේ ඉවත් වීමෙන් පසු බණ්ඩාරනායක ඝාතනය විය.

දිනේෂ් ගුණවර්ධන කියන්නේ මේ පිලිප්ගේ පුත්‍රයාය. 2019 ජනාධිපතිවරණය දිනා ගෝඨා පිලිප්ගේ පුතාව විදේශ ඇමැති ධුරයට පත් කරන විට හැමෝම පුදුමයට පත්වූහ. ඒත් 2019 ගෝඨාව බලයට ගෙන ආ දේශප්‍රේමීන් සතුටු විය. හේතුව පිලිප් විදේශ ඇමැති ධුරයේ ඉන්නතාක් ඇමෙරිකාවට, ඉන්දියාවට, යුරෝපයට හෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ලංකාවට අත තියන්න දෙන එකක් නැහැ කියල හිතාගෙන විය යුතුය. දිනේෂ්ද එය ක්‍රියාවෙන් පෙන්වීය. ට්‍රම්ප්ගේ ආණ්ඩුවේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ලංකාවට ආ විට ඔහුව පිළිගන්න දිනේෂ් ගුවන් තොටුපොළට දිව ගියේ නැත. මෛත්‍රි-රනිල් ආණ්ඩුව ඇමෙරිකාව සමග එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යෝජනාවට එරෙහිව විදේශ ඇමැති ලෙස දිනේෂ් කරුණු දක්වන විට දේශප්‍රේමීන් හුරේ දැමූහ. දිනේෂ්ට පක්ෂව පෝස්ටර් පවා ඇලවිණි. ඒත් දිනේෂ් විදේශ ඇමැති ධුරයේ සිටියදීම ඇමෙරිකානු තානාපතිනියගේ ගෙදර ආණ්ඩුවේ ආශීර්වාදය මත අධ්‍යාපන ඇමැති ජී.එල්. පීරිස් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් හමුවිය. මෙහිදී ඊළඟ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් රැස්වීමට පෙර දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති කරගැනීමට ඇමෙරිකානු තානාපතිගේ මැදිහත්වීමෙන් සාකච්ඡා පැවැති බව මාධ්‍ය වාර්තා කළේය. මෙම හමුවෙන් පසු සුමන්තිරන් මාධ්‍යයට කීවේ වාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා ඇමෙරිකානු මැදිහත්වීමක් තමන් අපේක්ෂා කරන බවය. ඇමෙරිකානු තානාපතිනියගේ නිවෙසේ මේ සාකච්ඡා යන විටත් දිනේෂ් විදේශ ඇමැති විය. ඔහු මේ සාකච්ඡා ගැන කිසිවක් දැන සිටියාද දන්නේ නැත. මේ සමගම ඇමැති මණ්ඩල සංශෝධනයක් පිළිබඳ රාවයක් පැතිරුණි. ඇමැති මණ්ඩල සංශෝධනයේදී දිනේෂ්ගේ විදේශ ඇමැති ධුරය වෙනස් වන්නේ දැයි මාධ්‍යවේදියෙක් අහපු විටදී දිනේෂ් කීවේ මේ ආණ්ඩුවේ නම් එවැනි සංශෝධනයක් සිදුවන්නේ නැහැ කියාය. ඒත් දිනේෂ්ගේ ඇමැති ධුරය වෙනස් විය.

ඇමෙරිකානු තානාපතිනියගේ ගෙදර සුමන්තිරන් හමුවූ ජී.එල්. විදේශ ඇමැති විය. දිනේෂ්ගේ ඉවත්වීමත් සමග මෙතෙක් කල් ඉන්දීය මහ කොමසාරිස් ධුරය භාරගන්න පස්මහ බැලුම් බලමින් සිටි මිලින්ද මොරගොඩ ඉන්දියාව බලා ගියේය. ජී.එල්. පීරිස් විදේශ ඇමැති ධුරයට පත්වීමෙන් පසු හමුවූ විදේශ තානාපතිවරු අතර නෝර්වේ තානාපතිනිය ප්‍රධාන තැනක් ගනී.

“2002 රනිල්ගේ සටන් විරාමය වගේ එකක් යළි කරළියට එයිද?”

ජී.එල්. සහ මිලින්ද කියන්නේ 2002 රනිල්ගේ සහ ප්‍රභාකරන්ගේ සටන් විරාමයේ ප්‍රධාන චරිත දෙකය. රනිල් සටන් විරාමය ප්‍රකාශයට පත්කොට එල්.ටී.ටී.ඊ.ය සමග සාකච්ඡා කරන්න ලෝකෙ වටේ යැව්වේ ජී.එල්. සහ මිලින්දවය. එකල ජවිපෙ නියෝජනය කළ විමල් වීරවංශලාගේත්, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේත් අංක එකේ හතුරෝ දෙන්නා වූයේ ජී.එල්. සහ මිලින්දය. ඔවුන් මේ දෙදෙනාට එරෙහිව රට පුරා පෝස්ටර් ගැසීය. ජී.එල්. සහ මිලින්ද ඉන්දියාව, ඇමෙරිකාව සහ යුරෝපය සමග සමීප සබඳතා ගොඩනගා ගත් අතිදක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනෙකි. නෝර්වේ ලංකාවට මැදිහත් වුණේ ජී.එල්. සහ එවකට නෝර්වේ තානාපති සමග තිබූ සමීප සබඳතාව නිසාය. ජී.එල්., චන්ද්‍රිකාගේ ආණ්ඩුව තුළ සිටිමින් නෝර්වේ සමග ගනුදෙනු කරන අතරතුර මිලින්ද එවකට විපක්ෂය වූ යූ.ඇන්.පී.ය වෙනුවෙන් නෝර්වේ සමග ගනුදෙනු කළේය. අන්තිමේදී චන්ද්‍රිකාගේ ආණ්ඩුව පෙරළන්න දෙදෙනාම එකට එක් වූහ. ජී.එල්., එල්.ටී.ටී.ඊ. න්‍යායාචාර්ය බාලසිංහම් සමග සාකච්ඡා කොට
එල්.ටී.ටී.ඊ.ය ෆෙඩරල් විසඳුමකට එකඟ කරගන්න සමත් විය.

එය ඔස්ලෝ සම්මුතිය ලෙස එකල ප්‍රකට විය. මිලින්ද, රනිල් සහ ප්‍රභාකරන් එක්ව උතුරු-නැගෙනහිර හදන අන්තර් පාලන ඒකකයට අතිවිශාල ඩොලර් මල්ලක් ජාත්‍යන්තර ප්‍රජාවෙන් දිනාගන්න සමත් විය. ඒත් 2005 රනිල් පරාජය වීමෙන් පසු ජී.එල්. සහ මිලින්ද මහින්ද රාජපක්ෂට එක් විය. 2005 සිට 2015 මහින්දගේ ආණ්ඩුවේ ජී.එල්. සමීපව වැඩ කළේ බැසිල් සමගය. මිලින්ද වැඩ කළේ ගෝඨාභය සමගය. දැන් ගෝඨා ජනාධිපතිය. බැසිල් මුදල් ඇමැතිය. ජී.එල්. සහ මිලින්ද පාවිච්චි කොට ඇමෙරිකාව, යුරෝපය, නෝර්වේ සමග මිතුරු වෙන්න විදියක් මේ දෙදෙනාම කල්පනා කරනවා විය හැකිය. එසේ මිතුරුවී ආර්ථිකය ගොඩගන්නා ක්‍රමයක් ගැන දෙදෙනාම හීන දකිනවා විය හැකිය. ජේ.ආර්. ජයවර්ධන සහ චන්ද්‍රිකාද මෙහෙම කල්පනා කරපු කාලයක් තිබුණි. 1977 බලයට ආ ජේ.ආර්. ඉන්දියාව සමග තදින්ම හැප්පුණේය. මෙහි ප්‍රතිඵලය ඉන්දියාව ප්‍රභාකරන්ලාට කිරි පෙවීමය. අවසානයේ ප්‍රභාකරන්ව ඉවර කරගන්න බැරි තැන ජේ.ආර්. ඉන්දියාව ළඟ දණින් වැටුණි. ඉන්දියාවත් ජේ.ආර්.ට අපූරු ගුළියක් ඇඹරෙව්වේය. ප්‍රභාකරන් ඉවර කරන්න නම් ලංකාවට ඉන්දීය හමුදාව එවන්න සිදුවන බවත්, ප්‍රභාකරන්ව ඉවර කිරීමට ලංකාව පළාත් සභාව ඇතිකොට ත්‍රිකුණාමල වරාය සහ තෙල් ටැංකි සම්බන්ධයෙන් ඉන්දියාවට හිතකර ගිවිසුමකට එළඹිය යුතු බවත් ඉන්දියාව කීවේය. ජේ.ආර්. හිතුවේ මෙතෙක් ඉන්දියාව ඉන්නේ තමන්ගේ සාක්කුවේ යැයි කයිය ගහපු බණ්ඩාරනායක මැතිනියට පාඩමක් උගන්වා ඉන්දියාව තමන්ගේ සාක්කුවේ දමාගෙන තමන්ට ඕනා ලෙස මෙහෙයවන්නටය. ඒත් ඉන්දියාව මෝඩ වුණේ නැත. ඉන්දියාවට එරෙහිව ජේ.ආර්. ලංකාව තුළ නිර්මාණය කළ දේශප්‍රේමී රැල්ල ජේ.ආර්.ට එරෙහිව පාවිච්චි කරන්න නම් ජේ.ආර්.ගේ සාක්කුවට රිංගාගත යුතු යැයි ඉන්දියාව සිතුවේය. ජේ.ආර්. හදපු ඉන්දීය විරෝධය ජවිපෙ අතට ගත්තේය. අන්තිමේදී ජේ.ආර්.ට ලංකා ඉතිහාසයේ අන්ත අප්‍රසාදයට පත් නායකයා ලෙස ගෙදර යන්න සිදුවිය. ජේ.ආර්.ගෙන් පසු ජනාධිපති වූ ප්‍රේමදාස ජවිපෙ විනාශ කළත් ජවිපෙ නව නායක සෝමවංශ, ඇමෙරිකාව ආරක්ෂා සහිතව රටින් පිටමං කරන්න ඉන්දියාවද මැදිහත් විය.

2002 රනිල්ගේ සහ ප්‍රභාගේ සටන් විරාමයට එරෙහිව රටේ දේශප්‍රේමී රැල්ලක් හැදුවේ චන්ද්‍රිකා, මංගල සහ ජවිපෙය. ඒ සටන් විරාම විරෝධී, ඇමෙරිකානු නෝර්වේ විරෝධී මහා දේශප්‍රේමී රැල්ලේ ප්‍රධාන චරිත දෙක මංගල සහ විමල්ය. ඒ රැල්ලට රනිල්ගේ ආණ්ඩුව හතර ගාතේ වැටුණි. මංගල සහ විමල්ගේ බලපෑමට චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුවේ ඇමැති ධුර ගෙන රනිල්ගේ ආණ්ඩුව විසුරුවා හරිනු ලැබීය. සටන් විරාමය කඩාකප්පල් විය. රනිල්ගේ ආණ්ඩුව ප්‍රභාකරන් සමග ඇති කරගන්න ගිය අන්තර් පාලන ඒකකයට ලැබුණු ඩොලර් මල්ල ගන්න චන්ද්‍රිකාට දොළදුකක් ඇතිවිය. චන්ද්‍රිකා ජාත්‍යන්තර ප්‍රජාව ළඟ දණින් වැටුණි. ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව කීවේ ඩොලර් මල්ල දෙන්න නම් සුනාමියෙන් විනාශ වුණු උතුර සහ දකුණ ගොඩගන්න සුනාමි සහන මණ්ඩලයක් පිහිටුවා එයට ප්‍රභාකරන් සමග අස්සන් කළ යුතු බවය. චන්ද්‍රිකා එයට එකඟ වූවාය. චන්ද්‍රිකා රනිල්ගේ සටන් විරාමයට එරෙහිව හදපු දේශප්‍රේමී කොටි විරෝධී රැල්ල චන්ද්‍රිකාට එරෙහි විය. වෙනකක් තබා මංගලත් ඒ දේශප්‍රේමී රැල්ලට එක්වී චන්ද්‍රිකාට එරෙහි විය. චන්ද්‍රිකා නන්නත්තාර වී ගෙදර ගියාය.

ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, යුරෝපය යාළු කරගත්තාම ඔක්කොම හරියනු ඇතැයි රාජපක්ෂලා හිතනවා නම් ඒ රාජපක්ෂලාට වැරැදිලාය. ඇමෙරිකාව, බි්‍රතාන්‍ය, යුරෝපයත් දැන් ඉන්නේ චූන් වෙලාය. අද ඇමෙරිකානු තානාපතිනියගේ නිවෙසේ ආණ්ඩුව, සුමන්තිරන් සමග සාකච්ඡා කරන විට මෛත්‍රි-රනිල් ආණ්ඩු කාලයේ තමන්ට ගහපු විමල්ලා, උදයලා, දිනේෂ්ලා ඉන්නේ ඔළුව හංගාගෙනය.

“එදා මට පෙනුණේ ඔබව හතුරෙක් වාගෙයි ඇලෙයිනා… අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වාගෙයි ඇලෙයිනා…” කියමින් ආණ්ඩුව සුනිල් පෙරේරාගේ ජිප්සීස් සින්දුව කියද්දී දේශප්‍රේමීන් තාලෙට නටන්නේ රෙදි නැතිවය.

1987 ජේ.ආර්.ද මේ සින්දුව කිව්වේ චූන් වෙලාය. 2005 චන්ද්‍රිකාද මේ සින්දුව කිව්වේ චූන් වෙලාය. හැබැයි චූන් වෙලා දෙන්නම ගෙදර ගියේ පාන් කියාගන්නත් බැරිවය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘එදා මට පෙනුණේ ඔබව හතුරෙක් වාගෙයි ඇලෙයිනා… අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වාගෙයි ඇලෙයිනා…’ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
‘එදා මට පෙනුණේ ඔබව හතුරෙක් වාගෙයි ඇලෙයිනා… අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වාගෙයි ඇලෙයිනා…’ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiF9W7dEaeWga6CzEHR7GVM9RKP7QmQNiY1m121WeUEJPFDh73rJh2QDx-CGKUIOk5kGZrbQFAsQ4z6AjwIYVIS6wMqYw-mcLKCSAKQlw6nGSKvpdPz4stw89reRWNGneo6f7MVK1pgQPdc/s320/set.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiF9W7dEaeWga6CzEHR7GVM9RKP7QmQNiY1m121WeUEJPFDh73rJh2QDx-CGKUIOk5kGZrbQFAsQ4z6AjwIYVIS6wMqYw-mcLKCSAKQlw6nGSKvpdPz4stw89reRWNGneo6f7MVK1pgQPdc/s72-c/set.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_59.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_59.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy