අ ධ්‍යාපන සේවකයින්ගේ සමුපකාර සමිතිය සදහා ඊයේ දිනයේ පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ලද කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් ලබා...
අධ්‍යාපන සේවකයින්ගේ සමුපකාර සමිතිය සදහා ඊයේ දිනයේ පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ලද කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ඇත. වසර 12 ක පමණ කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම විසින් පාලනය කරන ලද මෙම සමුපකාර සමිතියට නිලවරණ පූර්න් කාලයේදී බරපතල ලෙස වංචා-දූෂණ චෝදනා එල්ල කරන ලදි.
ජවිපෙ කාලය තුල එහි නිලවරණය සදහා වෙනත් කිසිදු පාර්ශවයක් තරග කිරීමක් නො කළේය.
නමුත් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සති දෙකක පමණ කාලයක් තුළදී සංවිධානය වී තරඟ වැදුණි.
ඊයේ දිනයේ පැවති නිලවරණයේදී ආසන 371න් පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් ආසන 189න් දිනගෙන ඇත. තවත් ස්වාධීන කණ්ඩායම්වලින් ජයගත් කිහිප දෙනෙකුද පොදුජන පෙරමුණ හා එක්වීමට එකගතාව පල කර ඇත.
ජවිපෙ නියෝජිතයන් අධ්‍යාපන සමුලකාර මූලස්ථානයෙන් ඊයේ රාත‍්‍රියේම ඉවත් වී ඇති බව වාර්තා විය.

COMMENTS