ජපානයේ හොන්ඩා සමාගම සහ ටොයෝටා සමාගම ශ්‍රී ලංකාවේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කර ඇතැයි ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුජීව...
ජපානයේ හොන්ඩා සමාගම සහ ටොයෝටා සමාගම ශ්‍රී ලංකාවේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කර ඇතැයි ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ඊයේ (14) පැවැති ජනාධිපති අපනයන සම්මාන උත්සවයේදී ඔහු මේ බව පැවසුවේය.
“අපි අක්කර 20000ක් පමණ දියුණු කිරීම තුළින් අපනයන දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. කෘෂිකර්මය, මත්ස්‍ය කර්මාන්තය ඇඟඵම් මෙන්ම තාක්ෂණික භාන්ඩ නිෂ්පාදන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.
කළුතර මිල්ලනිය ප‍්‍රදේශයේ මේ වෙනකොට හඳුනාගත් අක්කර දහසකින් පමණ අක්කර 400 ක් දියුණු කරමින් පවතිනවා. සාමාන්‍ය කි‍්‍රියා කළාපය තුළ අවුරුදු ගණනාවක් යන මේ ව්‍යාපෘතිය ඉක්මනින්ම අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
එන අවුරුද්දේ දෙසැම්බර් වනවිට මේ වෙළෙඳ කලාපයේ වැඩ අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජපානයේ කර්මාන්ත සියයක් පමණ මේ වෙළෙඳ කලාපය තුළ ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට ටොයෝටා සමාගම, හොන්ඩා සමාගම ඇතුළු සමාගම් විශාල ප‍්‍රමාණයක් අපි සමඟ සාකච්ඡා කරල තියෙනවා මේ කර්මාන්ත ලංකාවේ ආරම්භ කරන්න.
මෙහි විශේෂත්වය අපි ඉන්දියාවත් එක්ක අස්සන් කරපු ගිවිසුමෙන් වාහන අලෙවි කිරීමේ අවස්ථාව දෙනවා. ඒ වගේම අනිකුත් අපි අස්සන් කරන ගිවිසුම් වලින් චීනය මැලේසියාව සිංගප්පූරුව වැනි රටවල්වලින් අපට බිලියන හතරහමාරක විතර වෙළෙඳපොලක් ලැබෙනවා. ඒ වගේම ජී එස් පී සහන ලබාගෙන තිබෙනවා. ’’ යැයි ද සේනසිංහ මහතා ප‍්‍රකාශ කරයි.
COMMENTS