එ ළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ස්ථිර වශයෙන්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු පෙන්ව...
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ස්ථිර වශයෙන්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා නිල වශයෙන් හඳුන්වාදීම ජාතික සම්මේලනයේදී සිදු කරන බවයි. ඒ අනුව දෙසැම්බර් 09 වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ජනාධිපතිවරයෙකු ස්ථිර වශයෙන්ම දිවුරුම් දෙන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප‍්‍රකාශ කර තිබෙනවා.
හිටපු අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග නොකරන බවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කර ඇතැයි කියන ප‍්‍රකාශයක් ද උපුටා දක්වමින්. කෙසේවෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ද අනිවාර්යයෙන්ම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත්, ඔහු අන් කවරෙකුවත් නොව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පමණක් බවයි.

COMMENTS