හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාට එරෙහිව අල්ලස් හො දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවරා ඇති නඩුව ලබන මාර්තු 27 වනදා ...
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාට එරෙහිව අල්ලස් හො දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවරා ඇති නඩුව ලබන මාර්තු 27 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙටිටිආරච්චි මහතා අද නියෝග කළේ ය.
විත්තකිරුට එරහිව පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත් කොට ඇති ඔහුගේ බැංකු ගිණුම් වාර්තා උත්පාදන කල පරිගණක පද්ධතියට ප්‍රවේශ වීමට විත්තකරුගේ නියෝජිතයින්ට සහ විත්තිකරුගේ නීතිඥවරුන්ට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙස ද විනිසුරුවරයා එහිදි එක්තරා පෞද්ගලික බැංකුවකට නියෝග කළේ ය.
ඇමතිවරයකු ලෙස කටයුතු කළ සමයේ අයථා ලෙස රුපියල් මිලියන 75කට ආසන්න මුදලක් උපයා ගැනීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හො දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණයේ මෙම නඩුව පවරා තිබේ.
COMMENTS