දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බදියුදීන් විලච්චිකුලමේ තවත් සහරාන්ලා පිරිසක් රදවයි !
Homeප්‍රවෘත්ති

බදියුදීන් විලච්චිකුලමේ තවත් සහරාන්ලා පිරිසක් රදවයි !

PropellerAds

රි ෂාඞ් බදුර්දීන් නමැත්තා පසුගිය කාලයේ විලච්චිකුලම් රක්ෂිතයේ අක්කර දහස් ගණනක් එළිපෙහෙළි කර පිහිටුවා ඇති මුස්ලිම් ගම්මානවල වහබ්වාදී ත්‍රස්තව...

උතුරුමැද නියෝජ්‍ය සභාපති මෛත්‍රී පිලට.
පරපීඩකත්වය මත පදනම් වූ ශ්‍රී ලාංකික සමාජය
කැළණි ගඟ හරහා නව පාලමක් [Video]
රිෂාඞ් බදුර්දීන් නමැත්තා පසුගිය කාලයේ විලච්චිකුලම් රක්ෂිතයේ අක්කර දහස් ගණනක් එළිපෙහෙළි කර පිහිටුවා ඇති මුස්ලිම් ගම්මානවල වහබ්වාදී ත්‍රස්තවාදීන්ට රැකවරණය ලබා දුන් ආරක්ෂක නිවස්න පිහිටා තිබූ බව දැන් අනාවරණය වී ඇති බවත් ඔහු වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවීමට එම කාරණය වුව හොඳටම ප්‍රමාණවත් බවත් ජානිපෙ තරුණ කටයුතු පිළිබඳ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා පෙන්වා දෙයි.

පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

රිෂාඞ් බදුර්දීන්, අසාත් සාලි, ඒ.එම්.එල්.එම් හිස්බුල්ලා හා මුජිබර් රහුමාන් යන මුස්ලිම් දේශපාලනඥයන්ට පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් පසු දැඩි ජනතා විරෝධයක් එල්ල වූයේ ඔවුන් වහබ්වාදී ත්‍රස්තවාදය පතුරවා හැරි එමෙන්ම එමගින් බිහිවූ ත්‍රස්තවාදීන් ආරක්ෂා කළ ‘කපටි නරීන්’ පිරිසක් නිසා බව යැයි පෙන්වා දුන් උදයශාන්ත ගුණසේකර මන්ත්‍රීවරයා, එවැනි චෝදනා එල්ල නොවූ මුස්ලිම් ඇමැතිවරුන් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් තම ධුරවලින් ඉල්ලා අස් වූයේ කුමක් නිසා දැයි ප්‍රශ්න කර සිටියේය. එවැනි ඒකාබද්ධ ප්‍රකාශ නිකුත් කරමින් වගකීමෙන් යුතුව කටයුතු කිරීමට මුස්ලිම් ඇමතිවරුන්ට අවස්ථා රැසක් තිබූ බවත් ඔවුන් එම අවස්ථාවලදී කිසිවක් නොකර සිත් සේ තම වරප්‍රසාද භුක්ති විදිමින් කාලය ගත කළ බවත් ඒ මහතා චෝදනා කළේය. මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිදු වීම, ඒ සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් කබීර් හෂීම් ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයාට වහබ්වාදී ත්‍රස්තවාදීන් විසින් වෙඩි තැබීම, වනාතවිල්ලුවේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය සමඟ වහාබ් ත්‍රස්ත කඳවුරක් සොයා ගැනීම, අප්‍රේල් 21 වැනිදා වහබ්වාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් 400කට වැඩි පිරිසක් මිය යාම වැනි අවස්ථාවලදී මේ මුස්ලිම් දේශපාලනඥයන් ඉල්ලා අස්වීමට තබා අඩුම තරමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේ නැති බව ද උදයශාන්ත ගුණසේකර මහතා මෙහිදී සිහිපත් කළේය.

එහෙත් රිෂාඞ් බදුර්දීන් නැමති වහබ්වාදී ත්‍රස්තවාදයට කිරි පෙවූ අන්තවාදියා රැකගැනීමට මේ මුස්ලිම් ඇමැතිවරුන් ඔහු සමඟ සිටගනිමින් ඉල්ලා අස්වීම සිංහල, දෙමළ ජනතාව පමණක් නොව මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව ද අනතුරේ හෙළීමක් බව ඒ මහතා සඳහන් කළේය. සහරාන්ලා සහ රිෂාඞ් බදුර්දීන්ලා සමඟ සිටගැනීමෙන් මෙරට සමස්ත මුස්ලිම් ප්‍රජාවම වහබ්වාදී ත්‍රස්තවාදයට යටත් කරවීමට රවුෆ් හකීම්, කබීර් හෂීම් ඇතුළු මුස්ලිම් දේශපාලකයන් 19 දෙනෙකු කටයුතු කිරීම ජාතියේ අවාසනාවක් බව ද උදයශාන්ත ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වහබ්වාදී අන්තවාදය ඉතා දරුණු ලෙස ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් පසුගිය කාලය පුරාම මෙම අන්තවාදීන් රට පුරා යමින් සිය අනුගාමිකයන්ට ‘අල්ලා දෙවියන් අන්‍යාගමිකයන් සතු මහා පරිමාණ සම්පත් හා භූමිය අත්පත් කරගැනීමට උනන්දු කර ඇත්තේය’ සහ ‘තවදුරටත් අන්‍යාගමිකයන් පය නොගැසූ භූමිය අත්පත් කර ගැනීමට නියෝග කර ඇත්තේ ය.’ යන මේ රටම ලේ විලක් කළ හැකි අන්තවාදී ඉගැන්වීම් සිදු කර ඇති බවත් ඒ මහතා මෙහිදී අනාවරණය කළේය.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බදියුදීන් විලච්චිකුලමේ තවත් සහරාන්ලා පිරිසක් රදවයි !
බදියුදීන් විලච්චිකුලමේ තවත් සහරාන්ලා පිරිසක් රදවයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh56IZnOAHnrWZPRcwwLQBuOglLcFohyphenhyphenHHIe22ULK97doB43ayJbvgR1SrJHSr8tsrJWw6buinFVBv-7DS_DwZ94zBUySW8FjRrFO6fOI8R_iq0C1f9ASGykhbh_yfVG8ZUUm4J2tw-TEHl/s320/isis.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh56IZnOAHnrWZPRcwwLQBuOglLcFohyphenhyphenHHIe22ULK97doB43ayJbvgR1SrJHSr8tsrJWw6buinFVBv-7DS_DwZ94zBUySW8FjRrFO6fOI8R_iq0C1f9ASGykhbh_yfVG8ZUUm4J2tw-TEHl/s72-c/isis.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_71.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_71.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy