ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ ප‍්‍රබල සාමාජිකයෙකු වූ උතුරු මැද පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහ මහතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේ...
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ ප‍්‍රබල සාමාජිකයෙකු වූ උතුරු මැද පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහ මහතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කරමින් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමු විය.
රටට අවශ්‍ය දේශපාලන පරිවර්තනය මෙන්ම ජනතාව දුගී භාවයෙන් නිදහස් කර ගනිමින් රටට අවශ්‍ය සංවර්ධනය සිදුකිරීම සඳහා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය දැක්වීම රටට ආදරය කරන සියලු මහජන නියෝජිතයින්ගේ වගකීම බව මෙහිදී ප‍්‍රකාශ කළ ජයන්ත මාරසිංහ මහතා එම වැඩපිළිවෙළට සහය පළකරමින් තවත් විශාල පිරිසක් ඉදිරියේදී ජනාධිපතිතුමා සමග අත්වැල් බැඳගැනීමට සූදානමින් සිටින බව ද ප‍්‍රකාශ කළේය.
COMMENTS