දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යහපාලන අප දුන් වෙනස ජනතාවට තවමත් දරාගන්න බැරිවයි ඉන්නේ.. සද්ද නැති වුණාට අපි කලේ ලොකුම ලොකු වැඩ - කරුණාරත්න
Homeප්‍රවෘත්ති

යහපාලන අප දුන් වෙනස ජනතාවට තවමත් දරාගන්න බැරිවයි ඉන්නේ.. සද්ද නැති වුණාට අපි කලේ ලොකුම ලොකු වැඩ - කරුණාරත්න

PropellerAds

2015 දී යහ පාලන ආණ්ඩුව මේ රටට ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදී වෙනස තවමත් රටට දරාගත නොහැකි වී තිබෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය...

අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්නැයි දැනුම්දීමක්
"අයවැයෙන් දෙන සිහින මාලිගා දවල් හීනයක්" - මහින්ද රාජපක්‍ෂ
"විධායකය අහෝසි කරන්න මුලින්ම කතා කලේ මම" - චන්ද්‍රිකා
2015 දී යහ පාලන ආණ්ඩුව මේ රටට ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදී වෙනස තවමත් රටට දරාගත නොහැකි වී තිබෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා කොළඹ දී ප්‍රකාශ කළේය. මේ ආණ්ඩුව ජනතාවගේ මනසේ නොමැති බව අවධාරණය කල පරණවිතාන මහතා ආණ්ඩුව පාර්ලිමේන්තුව ඇතුළේ,

කැබිනට් මණ්ඩලය ඇතුළේ හා අමාත්‍යාංශ ඇතුළේ තිබුණාම ඇතියි කියා බොහෝ අය සිතන බවද අමාත්‍යවරයා මෙහිදී මෙහිදී පෙන්වා දුන්නේය.

වර්තමානයේ රට තුල ඇති වි තිබෙන දේශපාලන වෙනස සම්බන්ධයෙන් කොළඹ, නාරාහේන්පිට, වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී තව දුරටත් කතා කල කරුණාරත්න පරණවිතාන මහතා මෙසේද කීය.

ලොකු සද්ද බද්ද නැතිව අපි වැඩ කරලා තියනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනස තාම මේ රටට දරාගන්න අමාරුයි. වෙන වැඩවලට තමයි හුරුවෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව ජනතාවගේ මනසේ නැහැ. සාමාන්‍යයෙන් අපිත් කල්පනා කරලා තියෙන්නේ ආණ්ඩුව පාර්ලිමේන්තුව ඇතුළේ කැබිනට් මණ්ඩලය ඇතුළේ ආයතනවල අමාත්‍යාංශ ඇතුළේ තිබුණාම ඇතියි කියලා. නමුත් ආණ්ඩුව ජන මනසේ තියාගන්න ගොඩක් අය වැඩ කළේ නැහැ.

මොකද අපි බාහිර ප්‍රචාරයට ගියේ නැහැ, වැඩ කළා මිසක්. කෑ ගගහා දැගලුවේ නැහැ. දැන් අපිට පේනවා ඒ හඩත් අපිට ටිකක් අවශ්‍යයි කියලා. දැන් ඉදිරි කාලය ඉතාම තීරණාත්මක වේලාවක්. අද බැරෑරුම් ප්‍රශ්න රාශියක් රටට ඇවිත් තිබෙනවා. රටේ මේ වෙලාවෙ ඉන්න වෘත්තිකයො තම වගකීම් හිතට අරගෙන වැඩ කරන්නට ඕන. දේශපාලනය ගත්තොත් දේශපාලනයට තියෙන්නෙ ඕන යම් වෘත්තික භාවයක්. මම දැක්කා මේ දවස්වල සමාජ මාධ්‍යයේ තියනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්නෙ හොරු. මේ හොරුන්ට අයිති නෑ අනික් අයගෙන් ප්‍රශ්න අහන්න වගේ දේවල්. එහෙම කතා කරලා හරියන්නෙ නැහැ. හොරු පාර්ලිමේන්තුවට යවලා පස්සෙ බැන බැන ඉදලා හරියන්නෙ නැහැ.

ජනතාව මැතිවරණවල දී බලන්න ඕන කවුද තමන්ගෙ නියෝජිතයා. කවුද තමන්ගෙ ජනාධිපතිවරයා. කවුද තමන්ගෙ අගමැතිවරයා. මන්ත්‍රී මැති ඇමතිවරු හැටියට තෝරලා යවන්නෙ කවුද කියලා. එතනදි දේශපාලනයට යම් කිසි වෘත්තීක බවක් තියෙන්නට ඕන. දැනුම, හැකියාව තියෙන්නට ඕන. නිර්භීත බව තියෙන්නට ඕන. කෙලින් වැඩකරන්නට හැකියාව තියෙන්නට ඕන. දීපු වරප්‍රසාදවලට ජනතාවට වග වෙන්නට පුළුවන්කම තියෙන්නට ඕන.

දැන් බලන්න මේ දවස්වල තියන ලොකුම ප්‍රශ්නය තමයි, කුරුණෑගල වෛද්‍යවරයාගේ ප්‍රශ්නය. ඉතින් ඒකෙදි විවිධ චෝදනා ගොඩක් තියනවා. අපි දන්නෙ නෑ ඒ ජනමාධ්‍ය වාර්තාව ද වැරදිද කියලා. ජනමාධ්‍ය වාර්තාව වැරදි නම් ඒක මහා භයානකයි. ඒ මාධ්‍ය ආයතනය තමන්ගෙ වෘත්තීය වගකීම කෙලසලා තියනවා. ඒ වගේම අපි දන්නෙ නෑ මේ චෝදනාව එල්ල කරපු පොලිස් නිලධාරියාද වැරදි කියලා. ඔහු වැරදි නම් ඒකත් බරපතලයි. රජයේ නිලධාරියෙක් විදියට වැඩේ වැරදියි. ලොකුම චෝදනාව තියෙන්නෙ වෛද්‍යවරයාට. වෛද්‍යවරයා වැරදි නම් ඒක බරපතලයි. දරුණුයි. වෘත්තික ආචාර ධර්ම මුළුමනින්ම උල්ලංඝනය කරලා තියනවා. තවම අපි දන්නෙ නෑ මේකෙ ඇත්ත මොකද්ද කියලා යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

– ජයකාන්ත ලියනගේ


Loading...
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යහපාලන අප දුන් වෙනස ජනතාවට තවමත් දරාගන්න බැරිවයි ඉන්නේ.. සද්ද නැති වුණාට අපි කලේ ලොකුම ලොකු වැඩ - කරුණාරත්න
යහපාලන අප දුන් වෙනස ජනතාවට තවමත් දරාගන්න බැරිවයි ඉන්නේ.. සද්ද නැති වුණාට අපි කලේ ලොකුම ලොකු වැඩ - කරුණාරත්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQmbZbviKoJ2nMu6QHiqT45FCgxbllM0z8hM_nzEHBBxFOJ9t1CwFj0tGkxWMe9Ggl2WlvTVx-vx-PohrzUnEEz6YTm8UzN2p591zhQTHt1KN2aw7rWYmcrrQYetX3BPyZsHMImw4B3zDW/s320/Karunarathne-Paranawithana.gif
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQmbZbviKoJ2nMu6QHiqT45FCgxbllM0z8hM_nzEHBBxFOJ9t1CwFj0tGkxWMe9Ggl2WlvTVx-vx-PohrzUnEEz6YTm8UzN2p591zhQTHt1KN2aw7rWYmcrrQYetX3BPyZsHMImw4B3zDW/s72-c/Karunarathne-Paranawithana.gif
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_704.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_704.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy