මෙවර අයවැය මගින් මහජනතාවට සිහින මාලිගා පෙන්වා ඔවුන්ගේ බලාපොරොත්තු සියල්ලම සිහිනයක් බවට පත්කර ඇතැයි හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජප...
මෙවර අයවැය මගින් මහජනතාවට සිහින මාලිගා පෙන්වා ඔවුන්ගේ බලාපොරොත්තු සියල්ලම සිහිනයක් බවට පත්කර ඇතැයි හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
මෙම අයවැය ලේඛනය පසුගිය වසරේ ඉදිරිපත් කළ අයවැයට සමාන බව කී මහින්ද රාජපක්‍ෂ මහතා අයවැයෙන් රටේ පීඩිත ජනතාවට සහනයක් ලැබේවි යැයි විශ්වාස කළත් ඔවුන්ට ලැබී ඇති සහනයක් නැතැයිද කීවේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.
"අලූත් ජෝඩුවලට ගෙවල් හදාගන්න බැංකු ලෝන් දෙනවලූ. දැන් ඉතින් ඔය ලෝන් එක ගන්න දිගට හරහට මඟුල් ගනියි. හැබැයි ලෝන් එක ගන්න බැංකු පෝලිමට ගිය විටදී ඔය ලෝන් එකේ රෙඟ් තේරෙයි. මොනවද පීඩිත පන්තියට අයවැයෙන් ලබාදී තියෙන්නේ? එයාලගේ බලාපොරොත්තු සියල්ලම සිහිනයක් වෙලා. අයවැයෙන් ලබාදෙන සිහින මාලිගා දවල් හීන බවට පත්වෙලා. මෙදා අයවැය නිකම්ම නිකම් ශබ්දයක් විතරයි."
COMMENTS