විධායක ජනාධිපතිධුරය කොන්දේසි විරහිතව අහෝසි කිරීමට නව ව්‍යවස්ථාවක් සකස් කරමින් 2000 වසරේ අගෝස්තු 03 වෙනිදා රටට සහ පාර්ලිමේන්තුවට මුලින්ම යෝ...
විධායක ජනාධිපතිධුරය කොන්දේසි විරහිතව අහෝසි කිරීමට නව ව්‍යවස්ථාවක් සකස් කරමින් 2000 වසරේ අගෝස්තු 03 වෙනිදා රටට සහ පාර්ලිමේන්තුවට මුලින්ම යෝජනා කරනු ලැබුවේ තමන් බවත් එම අවස්ථාවේ එය සම්මත කර ගැනීමට නොහැකිවීම සම්බන්ධව එවකට පාර්ලිමේන්තුවේ සිටි විපක්ෂය වගකිව යුතු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි.
කෙසේ නමුත් එය නැවත සිදු කිරීමට කටයුතු කරන්නේ නම් ඉතාම හොඳ බවත් ඇය පැවසීය.
තමන්ට නව දේශපාලන පක්ෂයක් හැදීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් කඩා වැටී ජරා වී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත නගා සිටුවීම සඳහා තමන් උදව් කරන බවත් ඇය ප්‍රකාශ කළාය.
මේ අතර මෙවර අයවැය ලේඛනයේ ඈත පිටිසර ගම්මාන වල ජනතාවගේ දිලිඳුකම තුරන් කිරීම සඳහා හොඳ යෝජනා ඇති බවත් ජනතාව නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක රජයේ ව්‍යාපෘතියක් වන ගම්පෙරළිය සහ එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩ සටහන හරියට ක්‍රියාත්මක වුණහොත් ඉන් ජනතාවට වාසි රැසක් ඇත වන බවත් හිටපු ජනාධිපතිනි වැඩිදුරටත් පැවසීය.
COMMENTS