මී ලග ජනාධිපති අපේක්‍ෂක ලෙස එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතර කැමැත්ත මේ වනවිට සජිත් ප්‍රේමදා...
මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙස එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතර කැමැත්ත මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතාට හිමි වී ඇති බව සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කර ඇත.
ඊයේ දිනයේ පාර්ලිමේන්තු ලොබියේදී මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සමග අදහස් පළ කරමින් කිරිඇල්ල මහතා සඳහන් කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පක්ෂය තුල මේ වනවිට වැඩි ම කැමැත්තක් දිනාගෙන ඇති බවයි.
කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ තම දිස්ත්‍රික්කය හෝ ආසනය දිනාගත හැකි පුද්ගලයෙක් බවත් තමන් විසින් එම හැකියාව පෙන්වා ඇති බවත් ඇමතිවරයා සදහන් කර ඇත.
පසුගියදා භික්‍ෂුන් වහන්සේලා පිරිසක් විසින් තමන් ජනාධිපති අපේක්‍ෂක වීමටද සුදුසු යයි ප්‍රකාශ කරන ලද්දේ ඒ නිසා යැයි ද ඇමැතිවරයා සඳහන් කර තිබේ.

COMMENTS