දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ‍්‍රීලනිප පිරිසක් පොහොට්ටුවට බලපෑමක් කිරීමේ සූදානමක්.. මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය නොදෙන්නැයි ඉල්ලයි
Homeප්‍රවෘත්ති

ශ‍්‍රීලනිප පිරිසක් පොහොට්ටුවට බලපෑමක් කිරීමේ සූදානමක්.. මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය නොදෙන්නැයි ඉල්ලයි

PropellerAds

ආ ණ්ඩුවට එරෙහිව විපක්ෂය බොරු බිල්ලක් මවන බවත් ඒවාට ජනතාව රැවටෙන්නේ නැති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍ර...

නායකත්වය බාරගන්න මම සම්පූර්ණයෙන්ම සූදානම්... රනිල් මේ සතියේ තීන්දුව ගනීවි - රුවන්
තෙල් නැවේ ගින්න නිවන්න ‘රතු තරුව’ ගියේ නෑ - ජවිපෙ
සජිත්ට නායකත්වය නොදුන්නොත් එජාපයට කොමියුනිට්ස් පක්ෂයේ ඉරණම අත්වීම වළක්වන්න බැහැ - නලින් බණ්ඩාර
ණ්ඩුවට එරෙහිව විපක්ෂය බොරු බිල්ලක් මවන බවත් ඒවාට ජනතාව රැවටෙන්නේ නැති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ රට ගොඩනැගිය හැක්කේ මහින්ද – ගෝඨාභය සුසංයෝගයට පමණක් බවයි.
ජනපති සිහිනය දුටු සජිත් දැන් අගමැති සිහින දකින බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අගෝස්තු මස 06 වෙනිදා වන විට සජිත්ගේ ජනපති – අගමැති සිහින බිද වැටී විපක්ෂ නායක තනතුරු ද අහිමි වන බවත් කීවේය.

මිනුවන්ගොඩ විගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“මම හොද ශ්‍රී ලංකා කාරයෙක්. හැබැයි මෛත්‍රීපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලියාගේ නැට්ටේ එල්ලුවාට පස්සේ අපි ඒ පක්ෂයෙන් ඉවත් වෙලා නියම ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සහිත නව දේශපාලන පක්ෂයක් ගොඩ නැගුවා. අපේ නායකයා මහින්ද මහත්තයා. මේ පක්ෂය හදනකොට මෛත්‍රී අපිව පාරක් පාරක් ගාණේ ඇවිද්දනවා බවට තර්ජනය කළා. අපිව පක්ෂ සංවිධායක ධූර වලින් ඉවත් කළා. අපෙන් පළිගන්න බොරු නඩු පැටලෙව්වා. අදටත් අපි ඒ නඩු වලට යනවා. එහෙම කරලා බැලුවේ අපිව නවත්තන්න. හැබැයි ජනතාව හිටියේ අපිත් එක්ක.

රටටත්, පක්ෂයටත් කරපු විනාශයට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වග කිව යුතුයි. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනවන්න ශ්‍රීලනිපය එකතු වුණු බව ඇත්ත. ඒත් මේ මහ මැතිවරණයට මෛත්‍රීපාල සිරිසේනව එකතු කර ගැනීම මා පෞද්ගලිකව විරුද්ධයි. ඔහුට අපේක්ෂකත්වය දුන්නු එක වැරදියි. මෛත්‍රී හැමදාම කළේ පාවා දීම්. කොයිවෙලේ ඔහු අපිව පාවා දෙයි ද මට නම් සැකයි. ගියපාර ජනාධිපතිවරණයේ දී මෛත්‍රී වචනයක් කථා කළේ නෑ. යටින් උදව් කළේ සජිත්ට.  ඒ නිසා අපිට සැකයක් තියෙනවා ඔහුගේ කණ්ඩායමක් දිනවගෙන අපිට කිසියම් බලපෑමක් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසයි මම කිව්වේ මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියලා.

අපි මෙවර මහ මැතිවරණය තුනෙන් දෙකක බහුතර බලයක් ලබාගන්නවා. එතකොට අපි යහපාලනය ගෙන ආ රටට එරෙහි සියලු අණපණත් සියල්ල අහෝසි කරනවා. සමහරු අහනවා MCC  ගිවිසුම අත්සන් කරනවා ද කියලා. ඒ ගිවිසුම සමාලෝචනය කරන්න අපි විද්වත් කමිටුවක් පත්කර තිබෙනවා. ඒ කමිටුව වාර්තාව මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. ඒ වාර්තාව ජනාධිපතිතුමා ජනතාවට ඉදිරිපත් කරන්න කියලා උපදෙස් දුන්නේ මේ ආණ්ඩුව රටට වග කියන ආණ්ඩුවක් නිසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා මේ රටට අහිතකර අණපණත්වලට කිසිසේත් අත්සන් තබන්නේ නෑ. ඒක ස්ථිරයි. ඒ නිසා විපක්ෂය මවන බොරු බිල්ලන්ට රැවටෙන්න එපා. විපක්ෂය ආණ්ඩුවට එරෙහිව බොරු බිල්ලන් මවන්නේ ජනතාව නොමග යවන්නයි. ජනතාව නොමග යැවීම පිළිබද ව එජාපයට හා ජවිපෙට හොද පළපුරුද්දක් තිබෙනවා. ඒ නිසා විපක්ෂය හා ජවිපෙ මවන බොරු බිල්ලන්ට රැවටෙන්න එපා.

2020 අගෝස්තු 05 වෙනිදායින් පසු රටේ අගමැතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතායි.  මම දැක්ක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ ගැත්තන් කියනවා සජිත් අගමැති වෙනවා කියලා. සජිත් මුලින් ම සිහින ජනපති. දැන් සිහින අගමැති. අගෝස්තු 05 වෙනිදායින් පසු සජිත්ට විපක්ෂ නායකකමත් නැතිව යනවා. ඒක ස්ථිරයි. ජනපති එක පක්ෂයකයි අගමැති තව පක්ෂයකයි හිටපු වෙලාවේ මේ රටට වුණු විනාශය අමතක නෑ. රනිල් – මෛත්‍රී ආණ්ඩුව එළහරකයි – මී හරකයි ආණ්ඩුවක්. නැවත එවැනි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මේ රටේ ජනතාව සුදානම් නෑ. ඒ නිසා තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ස්ථාවර ආණ්ඩුවක් අපි පිහිටුවනවා. එමගින් යහපාලනය විනාශ කළ මේ රට නැවත ගොඩ ගන්නවා. වසර 30ක යුද්ධය අවසන් කළා ලෝකෙම බයේ හැංගෙද්දි රටේ කොවිඩ් වසංගතය පාලනය කළ ගෝඨාභය – මහින්ද සුසංයෝගයට මිස වෙන කිසිවෙකු ට මේ රට නැවත ගොඩ ගත නොහැකියි”.

– ප්‍රදීප් අනුර කුමාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29335,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ‍්‍රීලනිප පිරිසක් පොහොට්ටුවට බලපෑමක් කිරීමේ සූදානමක්.. මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය නොදෙන්නැයි ඉල්ලයි
ශ‍්‍රීලනිප පිරිසක් පොහොට්ටුවට බලපෑමක් කිරීමේ සූදානමක්.. මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය නොදෙන්නැයි ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaUV6eOPXEspYnUehAlzg51od0blw_bssXYfUx5OWef3bsAYIEb4iQNeHxQiZds4MJbg0UJbEC4hDIT5tSZjcIy7qe2llNlJMclxo_WpBT2CvoQk2xVAaJPzKEusCfWTs0ip4MUu0o4S0/s320/slpp-mithree.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaUV6eOPXEspYnUehAlzg51od0blw_bssXYfUx5OWef3bsAYIEb4iQNeHxQiZds4MJbg0UJbEC4hDIT5tSZjcIy7qe2llNlJMclxo_WpBT2CvoQk2xVAaJPzKEusCfWTs0ip4MUu0o4S0/s72-c/slpp-mithree.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_548.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_548.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy