එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරගවදින්නේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යන සන්ධානයෙන් බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂය ප්‍රම...
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය විසින් ඉදිරි ජනාධිපතිවරණය වෙත ඉදිරිපත් කරන අපේක්ෂකයා ලබන අගෝස්තු මාසයේදී පමණ ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා කියයි.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නකු බවද බවද පවසන ඔහු එම අපේක්ෂකයා කිසිසේත්ම පොදු අපේක්ෂකයකු නොවන බවද අමාත්‍යවරයා කියා සිටී.
කෙසේවුවද, ඉදිරි ජනපතිවරණයේදී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යන සන්ධානය තරගවදින්නේ දියමන්තිය ලකුණින් බවද පැවන අතර එහි සන්ධාන කටයුතු ඉදිරි දෙසතිය තුළ ඇරඹෙන බවද පැවසේ.
එක්සත් ජාතික පෙරමුණ ඉකුත් දෙසැම්බරයේ සංවිධානය කළ යුක්තියේ ජයග්‍රහණය වෙනුවෙන් ජන රැළියේදී සිය පාක්ෂිකයන් අමතමින් (ගාලුමුවදොර පිටියේදී) එජාප නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට සන්ධානයක් හදන බව මීට පෙර කියා සිටියේය.
සන්ධාන තුනක්
මේ අතර, ඉදිරි ජනාධිපතිවරණය ප්‍රධාන සන්ධාන තුනක සටනක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ජනාධිපතිවරණයට එ.ජා.ප.ය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණද, ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද (පොහොට්ටුව) සහ ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ දැනටමත් මූලික සංවිධාන කටයුතු ආරම්භ කර ඇත.
ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත් පක්ෂ ගණනාවක් හා පොදු සංවිධාන ගණනාවක එකතුවෙන් නව ජාතික සන්ධානයක් ආරම්භ කෙරේ.
එම සන්ධානය නියෝජනය කරමින් අපේක්ෂකයකු ජනාධිපතිවරණයට තරග කරන බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. දැනටමත් මේ සන්ධානය සඳහා දේශපාලන පක්ෂ ගණනාවක් හා සංවිධාන පහළොවකට වැඩි ගණනක් සමඟ සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.
මෙම සන්ධාන දෙකට අමතරව ජනතා විමුක්ති පෙරමුණ විසින් ජාතික ප්‍රගතිශීලී සන්ධානය නමින් තවත් සන්ධානයක් ආරම්භ කිරීමට නියමිතය.
ජ.වි.පෙ. නව දේශපාලන සන්ධානය තුළින් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සැලසුම්කර ඇති බවද පැවසේ.
එලෙස ඉදිරිපත් කෙරෙන්නේ ජනතා විමුක්ති පෙරමුණු මතවාදය අනුමත කරන විද්වත් වෘත්තිකයකු බව දැනගන්නට ඇත.
මෙම සන්ධාන තුනට අමතරව නාගානන්ද කොඩිතුවක්කු, රොහාන් පල්ලෙවත්ත ඇතුළු තවත් ස්වාධීන අපේක්ෂකයන් ගණනාවක් ජනාධිපතිවරණ සටනට ඉදිරිපත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
COMMENTS