යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකු අද (21) අළුයම යාපනය කොකුවිල් කුලප්පිඩ්ඩි මංසන්ධියේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් මිය ගොස...
යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකු අද (21) අළුයම යාපනය කොකුවිල් කුලප්පිඩ්ඩි මංසන්ධියේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් මිය ගොස් ඇති බව යාපනය පොලීසිය ප්‍රකාශ කරයි.
මෙම සිසුන් දෙදෙනා යාපනය චුන්කම්හි පිහිටි මිතුරෙකුගේ නිවසක තිබූ සාදයකට සහභාගී වී මත්පැන් පානය කොට ආපසු පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ.
මොවුන් මත්පැන් පානය කොට අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කොට ඇති බවත් පසුව යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් කුලප්පිඩ්ඩි මංසන්ධියේ පිහිටි තාප්පයක වැදීමෙන් බරපතල තුවාල ලැබ යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවටත් යාපනය පොලීසිය විසින් කරුණු අනාවරණය කරගෙන තිබේ.
යාපනය කන්ද රෝඩෙයි චුන්නනකම්හි පදිංචි සුදන්දිරරාජා සුලක්ෂන් හා 156 සැතපුම් කනුව කලිනොච්චිහි පදිංචි නඩරාජා ගජන් නමැති 24 හැවිරිදි මොවුන් දෙදෙනා යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිට ඇත.
මේ වනවිට ඔවුන්ගේ මළ සිරුරු ඥාතීන් වෙත භාරදීමට කටයුතු කර ඇති අතර යාපනය පොලීසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
ඡායාරූප පහතින්
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS