පා ස්‌කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙහෙය වූ සහරාන් හෂීම් සහ තමිල්නාඩුවේ කොයිම්බර්ටෝර්හී අයිසිස් ක්‍රියාකාරි මොහොමඩ් අසරුදීන් එක්‌ක 2018 දී ඉන්ද...
පාස්‌කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙහෙය වූ සහරාන් හෂීම් සහ තමිල්නාඩුවේ කොයිම්බර්ටෝර්හී අයිසිස් ක්‍රියාකාරි මොහොමඩ් අසරුදීන් එක්‌ක 2018 දී ඉන්දියාවේ හින්දු දේශපාලන නායකයන් තිදෙනකු ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කර තිබූ බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සොයාගෙන ඇත.
සංචාරක ආයතනයක් පවත්වාගෙන ගිය අසරුදීන් ප්‍රමුඛ අයිසිස් ක්‍රියාකාරීන් හත්දෙනකු 21දා අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ සැලසුම හෙළි වී තිබේ.
සහරාන් හෂීම් සහ මොහමඩ් අසීරුදීන් එම ඝාතන සැලසුමේ නායකයන් බව හෙළි වී ඇත. 2018 ඔක්‌තෝම්බර් මස ඉන්දීය අධිකරණය වෙත ගොනු කර තිබූ නඩුවේ එක් සැකකරුවකු ලෙස සහරාන් හෂීම්ගේ නමද සඳහන් කර තිබේ.
මොවුන් හින්දු නායකයන් මරාගෙන මැරෙන ප්‍රහාරවලින් ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බව ඉන්දීය ජාතික ආරක්‍ෂක ඒජන්සිය හෙළි කර ඇත.
කොයිම්බටෝර්හි මොහොමඩ් අසරුදීන් නමැත්තාගේ ජංගම දුරකථන දත්ත විමර්ශනයට ලක් කිරීමේදී ඔහු සහරාන් හෂීම් සමග සබඳතා පවත්වා ඇතැයි අනාවරණය වී තිබේ.

COMMENTS