ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීනව කටයුතු කරන බව නිවේදනය කෙරුණු අතර මේ වනවිට ඒ මහතා ජනාධිපතිවරණය සම්බන්ධ කටයුතු...
එහෙත් මෙම තත්වය දිගටම නොපවතිනු ඇති බවත් අවසන් සති දෙකෙහිදී තමන් සහාය දෙන නිශ්චිත අපේක්ෂකයා වෙනුවෙන් තීරණාත්මක පියවර කිහිපයක්ම ජනාධිපතිවරයා විසින් ගනු ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාව විස්මයට පත් කරන්නෙකු ලෙස ප්‍රසිද්ධය. ඒ අනුව ජනාධිපතිවරයා වශයෙන් ඔහුගේ අවසන් සර්ප්‍රයිස් කිහිපය ඔහුගේ ධුර කාලයෙහි අවසන් සති දෙක තුළ දැකගැනීමට හැකි වනු ඇති.
අප මුල සිටම පැවසූ ආකාරයට මෛත්‍රීපාල සිරිසේන මහතාව මේ මොහොතේදී අවතක්සේරු කිරීම යනු දේශපාලනික වරදකි. ඔහු නොවැම්බර් 17 වනදා දක්වාම මේ රටේ විධායක ජනාධිපතිවරයාය. එසේම ප්‍රධාන පක්ෂ දෙකේම රහස් හොඳින්ම දන්නා පුද්ගලයාය. අවසන් මොහොතේ තමන් කැමති අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීමටත් වඩා තමන් අකැමැති අපේක්ෂකයාගේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම සඳහා කළහැකි බොහෝ දෑ ඔහු සතුව තිබේ.
විශේෂයෙන් මේ ජනාධිපතිවරණයට තරග නොකරන නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා සිටින්නේ දේශපාලනයෙන් විශ්‍රාම යන අදහසක නොවේ. එසේම විධායක ජනාධිපති ධුරය හොබවා එයින් බිමට බසින ඔහු සුළුපටු තනතුරකින් සෑහීමකට පත් වනු ඇතැයි සිතීම ද බරපතළ මුලාවකි.
එනිසා නොවැම්බර් මුල් සතියේ සිට ජනාධිපතිවරයාගේ හැසිරීම අතිශයින් තීරණාත්මක වනු ඇති අතර ජනාධිපතිවරයාගේ සම්පූර්ණ සහාය දිනා ගැනීමට හැකිවන අපේක්ෂකයා බොහෝදුරට සිය ජයග්‍රහණය තහවුරු කරගනු ද ඇත.
කලක පටන්ම මේ පිළිබඳව අප ඉඟි පළ කර තිබුණු අතර වැඩි විස්තර නුදුරේදීම බලාපොරොත්තු වන්න.
COMMENTS