ක බීර් හෂීම් සහ අබ්දුල් හලීම් එන මහත්වරුන් නැවතත් ඇමතිවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා...
කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් එන මහත්වරුන් නැවතත් ඇමතිවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම බලවත් විරෝධය පළ කර ඇති බව අද ජාතික පුවත්පත් වාර්තා කරයි. මෙම දිවුරුම් දීම සිදු කර ඇත්තේ තමාගේ අනුමැතියකින් තොරව බවත් ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාවකින් තොරව ඇමතිවරුන්ට දිවුරුම් දීමට නොහැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදී ඇත.
ප‍්‍රතිපත්තිමය කරුණක් මත මුස්ලිම් ඇමැතිවරු සියලු දෙනා ම ඉල්ලා අස් වූ බවත් තමන් දැනුවත් නොකර දෙදෙනෙකු පමණක් ඇමතිධුර දිවුරුම් දීම අනුමත කළ නොහැකි බවත් අගමැතිවරයා පවසා තිබේ.
අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ යේ දිනයේ සිරිකොත එක්සත් ජාතික මූලස්ථානයේදී පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලය අමතමිනි.
මෙම දෙදෙනා ඇමතිධූර ද දිවුරුම් දීමත් සමග ඉල්ලා අස් වූ මුස්ලිම් දේශපාලඥයන් පිරිස දෙකඩ වී මතභේදාත්මක තත්ත්වයක් උදාවී ඇති බව ද සඳහන්ය.
නැවත ඇමති ධුර බාර ගැනීම සඳහා වූ සාකච්ඡාවේ දී නොයෙකුත් මත ගැටුම් උත්සන්න වූ බව ද වාර්තා විය.

COMMENTS