ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩගැනීමට නම් පක්ෂයේ වයස්ගත පුද්ගලයින් සියල්ල ඉවත් කර තරුණ තරුණියන් බඳවා ගත යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩගැනීමට නම් පක්ෂයේ වයස්ගත පුද්ගලයින් සියල්ල ඉවත් කර තරුණ තරුණියන් බඳවා ගත යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් වෙන්නප්පුව ප්‍රදේශයේ පැවැත්වූ ජනරැලියකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙලෙස ප්‍රකාශ කළා.
ඇමතිවරු, කැබිනට් ඇමතිවරු, පළාත් සභා ඇමතිවරු, මන්ත්‍රීවරු කරන වැරදි නිසා ජනතාව ඉන්නෙ විශාල කළකිරීමකින්. හැම පක්ෂෙකම, මුන්ට රට බාරදීලා වැඩක් නෑ රට කනවා කියලා. 2005 ඉඳලම ඒ තත්වෙ ඇත්ත.
අපිත් මහා සිහින හදාගෙන 2015 බලයට ගෙනාපු අය ඒ සිහින බොඳ කළා. මට අමු කුණුහරුපෙන් බැණ බැණ හිටපු අය සිරිසේන උන්නැහෙ දිනුවට මට පණිවිඩේ එවලා තිබුණා අපි ගේට්ටුව ළඟ ඉඳලා දන ගාගෙන ඇවිල්ලා සමාව ඉල්ලන්නම් මැඩම්ට අපි කරපු ද්‍රෝහි කම් වලට, අපිව ආපහු අරගෙන අපිට ඇමතිකම් දෙන්න කියලා
ඉතිං මේ ශ්‍රීලනිපයේ ඉන්න නාකි ටික පන්නලා, ඔක්කොම පන්නන්න එපා. අපිත් නාකිනේ, හොඳ නාකියෝ තියාගෙන අනිත් අය පන්නලා තරුණ තරුණියෝ පක්ෂයට අරගෙන මේ පක්ෂය ඉදිරියට අරගෙන යමු.

COMMENTS