පා ස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන ගණනාවකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වගකීම භාරගෙන ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත...
පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන ගණනාවකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වගකීම භාරගෙන ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ සිව් වතාවක් ඉල්ලා සිටි බව දැනට සේවය අනිවාර්යය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කමිටුව හමුවේ සාක්ෂි දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
තමන්ට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස යෝජනා කළ ජනාධිපතිවරයා ඉන් පසු විදේශ රටක තානාපති ධුරයක් හෝ වෙනත් ඉහළ තනතුරක් ලබා දීමට ද තමන්ට පොරොන්දු වූ බව ද සදහන් කළේය.
කෙසේ නමුත් වසර ගණනාවක තම පොලිස් රාජකාරියේ කිසිදු කැළලක් ඇති කරගෙන නැති තමන් මෙම වරද තමන් පිට සහ පොලිසිය මත පටවා ගෙන ඉල්ලා අස් නොවූ බවද කියා සිටියේය.
තමන් සුගිය ඔක්තෝබර් මාසයේ සිට ආරක්ෂක කවුන්සිලයට කැඳවා නැති බවට පැවසූ පොලිස්පතිවරයා තමන් ඊට පැමිණීමට අවශ්‍ය නැති බව ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා හරහා දැනුම් දුන් බවද පැවසීය.

COMMENTS