දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිස්පති ඉදිරිපිටම ඇමති සාගලගෙන් පොලිසියට චෝදනා රැසක්.
Homeප්‍රවෘත්ති

පොලිස්පති ඉදිරිපිටම ඇමති සාගලගෙන් පොලිසියට චෝදනා රැසක්.

PropellerAds

පොලීසියේ වගකීම වන්නේ නීතිය නිසි ලෙස ක්‍රියත්මක කිරීමත් සාමය සුරක්ෂිත කිරීමත් බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්යි සාගල රත්නායක මහතා...

“සිංගප්පූරු ගිවිසුම දැකලා නැහැ කැබිනට් එකේ සාකච්ඡා කලෙත් නෑ“ - ඇමැති අර්ජුනගේ කතාවෙන් ආණ්ඩුව රත්වෙයි
අගමැති ප්‍රමුඛ පංච පුද්ගල කමිටුවක් - පළාත් සභා ඡන්දේ ජනවාරියේ
CSN නාලිකාවේ නඩුව: වෙස්ටන් ක්‍රීඩා සමාජයේ අධ්‍යක්ෂ අත්අඩංගුවට ගැනීමට නියෝගයක්

පොලීසියේ වගකීම වන්නේ නීතිය නිසි ලෙස ක්‍රියත්මක කිරීමත් සාමය සුරක්ෂිත කිරීමත් බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්යි සාගල රත්නායක මහතා සඳහන් කළා. 

ඒ අරලියගහ මන්දිරයේදී ඊයේ (02) පැවති කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සහ පොලිස් අධිකාරීවරුන්ගේ රැස්වීමේදී උපදෙස් ලබාදෙමිනුයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ පොලීසියේ රාජකාරි හොඳ මට්ටමක පවතින නමුත් තවමත් තමන්ට සතුටුවිය හැකි මට්ටමේ නොමැති බවයි. 

විශේෂයෙන්ම 95%ක් පොලිස් නිලධාරීන් හොඳින් රාජකාරි කලත් ඉතුරු 5% නිලධාරීන්ගේ ක්‍රියා කලාපය යෝග්‍ය මට්ටමක නොවී තියෙන්නේ රජයේ වරදකින්වත් තමන්ගේ වරදකින්වත් නොවන බව පෙන්වාදුන් අමාත්‍යවරයා කියා සිටියේ පොලිස් නිලධාරීන් විසින් දේශපාලඥයෙක්ටහරි වෙනත් කණ්ඩායමකටහරි සහයෝගය දක්වලා ඇල්මැරුණු බැවින් කටයුතු කලොත් මෙවැනි ප්‍රශ්ණ ඇතිවන බවයි. 

පොලීසියේ මෙවැනි දුර්වලතා පිළිබඳව උදාහරණ කිහිපයක් පෙන්වාදුන් අමාත්‍යවරයා, පසුගියදා ගල්කිස්සේදී සරණාගතයින් සම්බන්ධයෙන් ඇතිවූ සිදුවීමේදී පොලීසිය ක්රිරයා කල ආකාරය පිලිබන්ධවද තමන්ට සතුටුවිය නොහැකි බවද සඳහන් කළා. එමෙන්ම ගාලු කොටුව තුලට මීටර් 3 ට වඩා උස ටොන් 5 ට වඩා බර වාහන ඇතුල්වීමට නොහැකි බවට කැබිනට් අනුමැතියකින් ගැසට් පත්රසයක් නිකුත්වී ඇති අවස්ථාවක මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා එය පිළිනොගැනීම පිළිබඳව තමන් විශ්මයට පත්වන බවද අමාත්ය වරයා කියා සිටියා. එම පොලිස් ස්ථානාධිපතිවරයා වැඩකරන්නේ කාගේ න්යාොය පත්ර්යටද කියන එක ගැටලුවක් බවද අමාත්යොවරයා එහිදී අවදාරණය කළා.

ඒ වගේම තමන්ට පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේදී රිය අනතුරක් සිදුවූ බවත් එහිදී වාහනයක් තම වාහනය වම්පසින් ඉස්සරකර සිය නිල රථයද හප්පාගෙන ගිය අතර එම සිද්ධියේ වගකීම කිසිවෙකු බාරගෙන කටයුතු නොකළ අතර තමන් එහිදී තැනින් තැනට මාරුවෙමින් සිටි බවයි අමාත්යගවරයා එහිදී කියා සිටියේ. මෙවැනි සිද්ධියකදී ක්රියයාකළ යුතු ආකාරය පිළිබඳව ක්ර මයක් පොලීසිය තුල සකස්කර ඇති බවද අමාත්යනවරයා එහිදී පෙන්වා දුන්නා.  අඩුම තරමේ, තමන්ට ගෙදරට හෝ යෑමට අවස්ථාව නොදුන් අතර හප්පාගෙන ගිය පුද්ගලයා සෙවීමට නොගොස් මාව වාහනෙන් බස්සලා හැප්පුණු තමන්ගේ වහනය පොලීසියට රැගෙන ගිය බවද අමාත්යාවරයා සඳහන් කලේය. තමන්ට එහෙමනම් ජනතාවට පොලීසිය පිළිබඳව විශ්වාසයක් තැබිය හැකිවේද යන්න පිළිබඳවද අමාත්ය්වරයා ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් ප්රහශ්නකර සිටියේය. 

තමන්ට මේ සිදුවන සිදුවීම් පිළිබඳව විශාල සැකයක් පවතින බවද අමාත්ය වරයා එහිදී සඳහන් කල අතර මීට පෙර අග්රාබමාත්යකවරයාගේ ආරක්ෂක පරිවාර රථ නුවරඑළිය ප්ර්දේශයේදී ගමන් කිරීමේදීද ප්රාශ්නයක් ඇතිවූ බව අමාත්යාවරයා එහිදී පේනවා දුන්නා. මෙවැනි සිදුවීම් වනවිට පොලීසිය පිළිබඳව ජනතාවට විශ්වාසය තැබිය හැකිද යන්න පිළිබඳව පවා අමාත්යප සගාල රත්නායක මහතා අවධාරණය කර සිටියේය. 

ඒවගේම යම්කිසි සිදුවීමක් වූ විට විශේෂයෙන්ම බරපතල ක්රිරයාවක් වගේ සිද්ධියක් ඇතිවූ විට එම ස්ථානයට කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා හෝ පොලිස් අධිකරීවරයා යායුතු බව අමාත්යේවරයා අවධාරණය කළා. මීට පෙර යාපනයේ සිදුවූ වෙඩි තැබීමකට අදාළ සිද්ධියකදී අදාළ කොට්ඨාශ භාර නිලධාරියා එම ස්ථානයට පැමිණියේ පැය 7 ට පමණ පසුව බව සිහිපත් කල අමාත්යවවරයා කියා සිටියේ ඉන් පොලීසියට ගැටලු රැසක් ඇතිවූ බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මුලින් කල වාර්තාව සාවද්යර වාර්තාවක් බවට පත්වී සමාජය ඉදිරියේ හෑල්ලුවටද ලක්වූ බවයි.  ඒ නිසා එවැනි සිද්ධීන්වලදී අදාළ කොට්ඨාශ භාරර නිලධාරියා එම ස්ථානයේ සිටිය යුතු බවත් එම සිද්ධිය පිළිබඳව ඍජුවම පොලිස්පතිවරයාව දැනුවත් කලයුතු බවයි අමාත්යසවරයා එහිදී උපදෙස් ලබාදුන්නේ. පසුගියදා ගල්කිස්සේදී  ඇතිවූ සිද්ධිය පවා වැඩබලන පොලිස්පතිවරයාට මුලින්ම දැනුවත් කලේ තමන් බවද අමාත්යවවරයා එහිදී කියා සිටියේය. බොහෝ අවස්ථාවල්වලදී තමන් පොලිස්පතිවරයාගෙන් විවිධ සිද්ධීන් පිළිබඳව විමසද්දී එම සිදුවීම් පිළිබඳව පොලිස්පතිවරයාද නොදනුමත් බවයි අමාත්යවවරයා පෙන්වා දුන්නේ. 

එමෙන්ම ඇතැම් අවස්ථාවලදී පොලිස් ස්ථාන, කොට්ඨාශ බාර පොලිස් නිලධාරී කාර්යාල වලින් අදාළ ප්රීදේශයේ ව්යාරපාරිකයන්ගෙන්, විවිධ පුද්ගලයින්ගෙන් තීන්ත, කෑම බිම සහ වෙනත් ද්ර්ව්යය එකතුකරන බවටද තොරතුරු වාර්තාවී ඇතැයිද අමාත්යිවරයා එහිදී කියා සිටියා.පොලිසියේ උත්සවයක් හෝ වෙනයම් කටයුත්තක් තියෙනවා නම් ඒ සඳහා අවශ්ය  මුදල් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබාගන්නා ලෙසත් ප්රකදේශයේ සිටින විවිධ පුද්ගලයින් පසුපස ගොස් පොලීසිය අගෞරවයට පත්නොකරන ලෙසත් අමාත්යපවරයා එහිදී උපදෙස් ලබා දෙනු ලැබුවා.

පොලිස් නිලධාරීන් කියනවනම් නිදහස නැහැ කියලා එය ලොකු අසත්යතක් බව පෙන්වාදුන් අමාත්යවවරයා වැඩිදුරටත් කියා සිටියේ රාජකාරි කිරීමට අවශ්ය  නිදහස උපරිමයෙන් ලබාදී ඇති බවයි. නීතිය හා සාමය ආරක්ෂා කරමින් වෘත්තීමය භාවයෙන් ඉහල පොලිස් සේවාවක් ලබාදීමට අවශ්යා සියලු කටයුතු සම්පාදනය කර ඇති බවද අමාත්යලවරයා එහිදී සඳහන්කර සිටියා. එමෙන්ම ජනතාවට පොලීසිය පිලිබඳ පවතින විශ්වාසය ඉහල මට්ටමකට ගෙන ඒමටද කටයුතු කලයුතු බවද අමාත්යෙවරයා එහිදී අවධාරණය කළා. 

එම සාකච්ජාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යව සාගල රත්නායක මහතා කියා සිටියේ පොලිසියේ පහළ නිලයන්වල සිටින නිලධාරීන්ගේ සුබසාධන කටයුතු පිළිබඳව කටයුතු කලයුතු බවයි. විශේෂයෙන්ම පොලිස් සේවයේ කොදු නාරටිය එම පහළ නිලයන්ට අයත් නිලධාරීන් බව පෙන්වාදුන් අමාත්ය්වරයා ඔවුන්ව ආරක්ෂා කලයුතු බව කියා සිටියා. විශේෂයෙන්ම පොලිස් බැරැක්ක තුල සිටින නිලධාරීන්ට තාම රාජකාරි වටපිටාව සඳහා අවශ්යලකරන පරිසරය ගොඩනැගිය යුතු බවද අමාත්යනවරයා කියා සිටියා. ඔවුන්ගේ ප්රාශ්න පිළිබඳව සාකච්ජා කරලා, ඒවා ඉහල නිලධාරීන් අවබෝධකරගත යුතු බවයි අමාත්යා සාගල රත්නායක වැඩිදුරටත් සඳහන් කලේ. 

එමෙන්ම පොලිස් බැරැක්ක පමණක් නොවෙයි පොලිස් ස්ථාන පවා යහපත් මට්ටමේ තිබිය යුතු බව අමාත්යකවරයා එහිදී සඳහන් කළා. විශේෂයෙන්ම කොට්ඨශ බාර පොලිස් නිලධාරීන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් විසින් සිදුකරන පරික්ෂාකිරීම් නිසිලෙස ඉටුකළයුතු බව පෙන්වාදුන් අමාත්ය වරයා එම සෑම පරික්ෂා කිරීමකම වාර්තාවේ පිටපතක් තමන්ටද ලැබීය යුතු බව එහිදී පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදුන්නා. කොහොම උනත් දැනට කොට්ඨාශ බාර නිලධාරීන් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් විසින් පොලිස් ස්ථාන සහ බැරැක්ක පරික්ෂාකිරීම් නියමානුකූලව සිදුවන බවට තමන්ට විශ්වාසයක් නොමැති බවටද අමාත්යැවරයා සඳහන් කළා. ඇතැම් නිලධාරීන් පරික්ෂ කිරීම් නොකොට පොලිස් ස්ථානාධිපතිවරයාගේ අසුනේ වාඩිවී අදාළ වාර්තා සකසන බවටද තමන්ට තොරතුරු ලැබී ඇති බවටද අමාත්යේවරයා කියා සිටියා. 

මෙම සාකච්ජාවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්යං ශ ලේකම් ජගත් පී. විජේවීර, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මතවරුන් ඇතුලු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් සහභාගී විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිස්පති ඉදිරිපිටම ඇමති සාගලගෙන් පොලිසියට චෝදනා රැසක්.
පොලිස්පති ඉදිරිපිටම ඇමති සාගලගෙන් පොලිසියට චෝදනා රැසක්.
http://ift.tt/2xJzfJh
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy