ලෝක වැඩිහිටි දිනය සැමරීම සඳහා රාජිත සේනාරත්න පදනම සහ බේරුවල යහපාලන සංසදය සංවිධානය කළ ප්‍රයාම ප්‍රණාම උත්සවයක් අලුත්ගම ප්‍රදේශයේදී පැවති අ...
ලෝක වැඩිහිටි දිනය සැමරීම සඳහා රාජිත සේනාරත්න පදනම සහ බේරුවල යහපාලන සංසදය සංවිධානය කළ ප්‍රයාම ප්‍රණාම උත්සවයක් අලුත්ගම ප්‍රදේශයේදී පැවති අතර එම උත්සවයට සහභාගි වෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
කැපවීමෙන් වැඩ කරන වෛද්‍යවරුන් විශාල පිරිසක් සිටියද ඇතැම් වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය නිසා සමස්ත වෛද්‍යවරුන් කෙරෙහිම විශ්වාසය පළුදු වී ඇති බවයි ඇමතිවරයා අවධාරණය කරන්නේ. රජයට අධ්‍යාපනය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වගකිව නොහැකි යුගයක් එළඹ ඇති බවත් ඒ නිසා පෞද්ගලික අධ්‍යාපනය දෙසට නැඹුරු නොවී ඉදිරියට යාමට නොහැකි බවත් සේනාරත්න මහතා පවසයි.
තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“සෞඛ්‍ය සේවාව තුල ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු පමණයි සිටියේ. නමුත් වර්තමානයේ වැඩිහිටියන් පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් ද සිටිනවා. ඉදිරියේ දී වැඩිහිටි ජනගහනය වැඩි වෙනවා. රෝග වලට වැඩිහිටියන් ගොදුරුවීම වැළැක්වීම සදහා සෞඛ්‍ය සේවාව තුළ ද වැඩි මුදලක් වැය කිරීමට සිදුව තිබෙනවා. වයඹ, සබරගමුව හා මොරටුව යන විශ්ව විද්‍යාලවල නව වෛද්‍ය පීඨ ස්ථාපිත කරනවා. රුහුණූ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පුලුල් කිරීමට ද පියවර ගන්නවා. රජය විසින් අධ්‍යානය පෞද්ගලීකරණය කරන බවට ඇතමුන් චෝදනා කරනවා. නමුත් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමක් සිදු කරන්නේ නැහැ. සයිටම් එකක් එල්ලාගෙන තමයි ඒ අය මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ. නිදහස් අධ්‍යාපන අදහස පළමුව ඉදිරිපත් කළේ සමසමාජ නායකයින් විසින්. නමුත් පසුව නිදහස් අධ්‍යාපනය සී.ඩබ්.ඩබ් කන්නංගර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තා. නමුත් වර්තමානයේ තිබෙන්නේ මුදල් තිබෙන අයටත් ඉගෙන ගන්න එපා කියන දර්ශණයක්. සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ගඩොල් කපන කම්කරුවෙකුගේ දරුවෙක් ද අධ්‍යාපනය ලබනවා. ඒ ශිෂ්‍යත්වයක් ලබමින්. එවැනි අයට අධ්‍යාපනය ලැබීමට අයිතියක් නැද්ද. ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂ එයටත් බදා කරනවා. සයිටම් සිද්ධිදාමයට අපේ රජයෙත් සමහරු බයයි. නමුත් මම බය නැහැ. සයිටම් ගැන කථා කරන්න මට පුලුවන්.”
“ගම්වල ජනතාව වෛද්‍යවරුන්ට බනිනවා. වෛද්‍යවරුන් අඛණ්ඩ වැඩවර්ජන කිරිම නිසා ජනතාව තුල වෛද්‍යවරුන් පිළිබද තිබූ ගරුත්වය නැති වෙලා. කැපවෙලා වැඩ කරන වෛද්‍යවරුන් ද ඉන්නවා. උදාහරණයක් ලෙස මහනුවර මහ රෝහලේ හෘද සැත්කම් සිදු කරන වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා නම් කරන්න පුලුවන්. නමුත් ඇතැම් වෛද්‍යවරුන් කරන වැඩ හේතුවෙන් සියලුම වෛද්‍යවරුන්ට ජනතාව බනිනවා. වෛද්‍යවරුන් බලාගෙන ඉන්නේ වැඩවර්ජන කරන්න. බොරු සටන් පාඨ ඉදිරිපත් කරමින් වැඩ වර්ජනවල නිරත වෙනවා. අධ්‍යාපනය ලැබීමට ඇති නිදහස අපි තහවුරු කළ යුතුයි. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබදව ප්‍රශ්ණයක් තිබෙනවා නමි සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත යුතුයි. ඒ පිළිබදව අද කොහෙවත් නැති දහමක් ගැන කථා කරනවා. අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම රජයෙන් ලබාදෙන්න බැහැ. එම අයිතිය ලබාදෙන්න මමත් සටන් කළා. නමුත් එය පරාජය වුනා. අද ඉන්න වෛද්‍යවරුන් මොනවා ප්‍රකාශ කරනවා ද දන්නේ නැහැ. සටන් පාඨ දේශපාලනයක් කරන්නේ. රජය තීන්දුවක් ගත යුතුයි. සයිටම් ආයතනය පෙන්වා ඇතැම් අය ඡන්දය ඉල්ලන්න බලාගෙන ඉන්නවා. අපේ දරු පරපුර ආරක්ෂා කළ යුතුයි. ජනතාවට ප්‍රශ්න තිබෙනවා. නමුත් ජනතා ප්‍රශ්න විසදීමට අපි කටයුතු කළ යුතුයි. මට විවිධ විවේචන එල්ල වෙනවා. බැනුම් අහන්න මම බය නැහැ. බැන්නට ඇගේ වදින්නෙත් නැහැ. රට ගොඩනැංවීමට රජය කටයුතු කරනවා.”
COMMENTS