19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එළැඹෙන මැතිවරණ කාල සීමාවේ කාලයක් නැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 18 සංශෝධනයේ අඩුපාඩුව...
19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එළැඹෙන මැතිවරණ කාල සීමාවේ කාලයක් නැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
18 සංශෝධනයේ අඩුපාඩුවක් නැති බවත් 19 සංශෝධනය ගැන ප‍්‍රමාද වී තේරුම් ගැනීම ගැන ජනාධිපතිවරයාට ස්තූති කරන බවත් ඒ මහතා සදහන් කරයි.
මාස 04 කින් පසු මැතිවරණයක් පැවැත්වෙන නිසා තවත් අත්හදා බැලීම් කිරීමට කාලයක් නැති බවත් ඒ මහතා සදහන් කලේය.
ව්‍යවස්ථාව වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් උවමනා නිසා එවන් හැකියාවක් නැතිව ඒ සම්බන්දයෙන් කතා කර පලක් නැති බවද ඔහු පැවසීය.
රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කරන ලද්දේ හඟුරන්කෙත මාදවෙල රජමහා විහාරයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
මේ අතර ගාල්ල ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් රාජපක්‍ෂ මහතා මෙසේ කියා සිටියේය.
‘දහ නමය සම්මත කලේ එතුමාගේ කාලයේදී..දහ අට සම්මත වුනේ මගේ කාලයේදී..එතකොට එතුමා හිටියේ මගේ පැත්තේ.චන්දය පාවිච්චි කළා ඒකට..එතුමත් සම්මාදම් වුනා ඒකට..එතකොට දහනමය එතුමාගේ ආණ්ඩුවේ.අපේ ආණ්ඩුවේ නෙමෙයිනේ..ඉල්ලන්කාපු එකක්නේ ඒක..දන් දෙන්න ගිහින් සිරිසඟබෝ ගේ බෙල්ල දුන්නා වගේ මටත් එක්කම දීලා..ඉතින් අපිට කරන්න දෙයක් නැහැ ඒ ගැන’
– ප්‍රියංකර ගමගේ/පියරත්න ජයවික්‍රම

COMMENTS