දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැර පිරිසක් මාධ්‍ය වේදියෙකුට පහර දෙයි.. ගෙදර බඩු කුඩු පට්ටම් කරයි… රෝහල්ගත කෙරේ !
Homeප්‍රවෘත්ති

මැර පිරිසක් මාධ්‍ය වේදියෙකුට පහර දෙයි.. ගෙදර බඩු කුඩු පට්ටම් කරයි… රෝහල්ගත කෙරේ !

PropellerAds

අ ළුත්ගම ප්‍රාදේශීය මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා මහතාට පහර දී තුවාල සිදුකරන ලද සිද්ධියට අදාල කිසිවෙක් අත් අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අළ...

මගෙන් ෆීල්ඩ් මාර්ෂල්ගේ වැඩේ බලාපොරොත්තු වෙන්න බෑ - හේමසිරි
රට වටෙන් එකතු කළ පී.සී.ආර් සාම්පල 3000 ක් ලැබ්වල හිරවෙලා !
තවත් මහජන මුදල් නාස්තියක්... භාවිතයට නොගැනීමෙන් පී.සී.ආර් කට්ටල 30,000 ක් කල් ඉකුත් වේ !
ළුත්ගම ප්‍රාදේශීය මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා මහතාට පහර දී තුවාල සිදුකරන ලද සිද්ධියට අදාල කිසිවෙක් අත් අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අළුත්ගම පොලීසියට විරෝධය දක්වා උද්ඝෝෂණයක් ඊයේ (08) සවස අළුත්ගම පොලීසිය ඉදිරිපිටදී පැවැත්විණි.

ප්‍රාදේශිය මාධ්‍යවේදීන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ මෙම විරෝධතාවයේදී විරෝධතාකරුවන් සටන්පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් විරෝධතාවයේ නිරත විය. අළුත්ගම පොලීසියේ දුර්වලතාවයන් හේතුවෙන් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙන බව විරෝධතාකරුවෝ එහිදී ප්‍රකාශ කළේය.

පසුගිය සිකුරාදා (06) සවස සිදු වූ මෙම පහර දීමෙන් තුවාල ලැබූ මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිය කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙන අතර ඔවුන් මේ වන විටත් නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් අළුත්ගම පොලීසිය තුසිත කුමාර ද සිල්වාගෙන් ප්‍රකාශයක්ද සටහන් කරගෙන තිබෙන අතර ඊයේ (08) මධ්‍යම රාත්‍රිය වෙන තෙක් කිසිවෙක් අත් අඩංගුවට ගැනීමට නොහැකි වූ බවද පොලීසිය කියයි. තුසිත කුමාර ද සිල්වා මහතාගේ පුතණුවන් විසින් සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු රැසක් පොලීසියට ප්‍රකාශ කර තිබෙන බවද අළුත්ගම පොලීසියට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

අළුත්ගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයසේකර මහතාගෙන් ඊයේ (08) රාත්‍රී 11.45 ට පමණ මේ සම්බන්ධයෙන් විමසූ විට සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන බව ඒ මහතා ප්‍රකාශ කළේය. සැකකරුවන් අළුත්ගම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට හදුනාගෙන තිබෙන බවත් ඔවුන් හැකි ඉක්මනින් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය. අළුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

සිකුරාදා (06) සවස මැර පිරිස විසින් මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වාට පහර දී තිබේ. කිසියම් පෞද්ගලික අවශ්‍යතාවයක් සදහා සිය බිරිය සමග යතුරු පැදියෙන් ගොස් ආපසු නිවසට පැමිණි අවස්ථාවේදී මැර පිරිස විසින් මෙම පහර දීම සිදුකර තිබෙන බව ඔහු විසින් පොලීසියට ප්‍රකාශ කර ඇත. සැකකරුවන් විසින් තුසිත කුමාර ද සිල්වා මහතාට හෙල්මට් එකකින් මෙන්ම පොල්ලකින් පහර දි තිබෙන බවත් ඔහුගේ බිරියටද පහර දී තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ.

සැකකරුවන් විසින් තුසිත කුමාර ද සිල්වා මහතාගේ නිවසේ බඩු මුට්ටු වලට සහ මල් පෝච්චි වලටද හානි සිදුකර තිබෙන බවද අළුත්ගම පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. සැකකරුවන් තුසිත කුමාර ද සිල්වා මහතාගේ නිවසේ තිබූ ජංගම දුරකතනයක් හා මුදල් රුපියල් පන් දහසක් (5,000/-) ද පැහැර ගෙන තිබේද යන්න සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වන බව අළුත්ගම පොලීසිය කියයි.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් වටලන ලද අළුත්ගම කෘතිම රා නිශ්පාදනාගාරය සම්බන්ධයෙන් පලකල ප්‍රවෘත්තිය පිළිබදව විමසමින් මෙම පහර දීම සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. මැර පිරිස විසින් තුසිත කුමාර ද සිල්වා මහතාට පළමුව බැණ තර්ජනය කර පසුව පහර දීම සිදුකර තිබෙන බවද අළුත්ගම පොලීසියේ එම ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අළුත්ගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයසේකර මහතා ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

– ජයකාන්ත ලියනගේ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැර පිරිසක් මාධ්‍ය වේදියෙකුට පහර දෙයි.. ගෙදර බඩු කුඩු පට්ටම් කරයි… රෝහල්ගත කෙරේ !
මැර පිරිසක් මාධ්‍ය වේදියෙකුට පහර දෙයි.. ගෙදර බඩු කුඩු පට්ටම් කරයි… රෝහල්ගත කෙරේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQX75fhpq1gUV-K2GUXAfFG0WS3XLk6FNgGpqcWVIiNGK6Zaymhrut-n95j7aPi-5PQ3k14aujcT8Rr1wfJ8g2eQdkCTFsWo1_pOlLU-gCQztKJFByjcranIxLSYAY-yzvYW7p5i9muzvg/s320/45478789.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQX75fhpq1gUV-K2GUXAfFG0WS3XLk6FNgGpqcWVIiNGK6Zaymhrut-n95j7aPi-5PQ3k14aujcT8Rr1wfJ8g2eQdkCTFsWo1_pOlLU-gCQztKJFByjcranIxLSYAY-yzvYW7p5i9muzvg/s72-c/45478789.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_676.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_676.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy