දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඕනෑම මැතිවරණයකට සාර්ථකව මුහුණ දෙන්න අපි සූදානම් - අකිල
Homeප්‍රවෘත්ති

ඕනෑම මැතිවරණයකට සාර්ථකව මුහුණ දෙන්න අපි සූදානම් - අකිල

PropellerAds

ඉ දිරියට එළඹෙන මැතිවරණය කවරක් වුවත් පක්ෂයක් වශයෙන්  ඊට සාර්ථක ව මුහුණ දෙන්නට මේ වනවිට සියලු කටයුතු සූදානම් ව පවතින බව එක්සත් ජාතික පක්ෂ මහල...

සොයා ගත් අවි ආයුධ මෙන් තුන් ගුනයක් හිස්බුල්ලා ලඟ - හිස්බුල්ලාගේ රහස් වීඩියෝවක් ගැන හින්දු සම්මේලනය අනාවරණය කරයි
බෝම්බකරුවන් රැඳී සිටි නිවස ගැන හෙළි කළ පොලිස් ප‍්‍රධානියෙකුට ත‍්‍රස්ත ප‍්‍රහාරයට පෙර ස්ථාන මාරුවක්
මඩකලපුව විශ්ව විද්‍යාලය ගැන නොදන්න කතාව මෙන්න..
දිරියට එළඹෙන මැතිවරණය කවරක් වුවත් පක්ෂයක් වශයෙන්  ඊට සාර්ථක ව මුහුණ දෙන්නට මේ වනවිට සියලු කටයුතු සූදානම් ව පවතින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
මහලේකම්වරයා මේ අදහස් පළ කළේ, පක්ෂ ප්‍රතිපත්ති හා ඉදිරි මැතිවරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අරමුණින් ඊයේ 21) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළ ජුලි මස 1 වැනි දා සිට ආරම්භ කරන බවත්, එම ප්‍රචාරක වැඩපිළිවෙළට මූලිකත්වය ගෙන කටයුතු කිරීම සඳහා රාජිත සේනාරත්න, රුවන් විජේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, මුජිබර් රහුමාන් යන අමාත්‍යවරුන්ගෙන් සැදුම් ලත් කමිටුවක් පත්කරන ලද බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

මෙම කමිටුව මගින් ඉදිරි මැතිවරණ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන ආකාරය සැලසුම් කරන බවත්, ඊළඟ විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කිරීමෙන් පසු විශේෂ මැතිවරණ ප්‍රචාරක රැලි මාලාවක් ඉදිරියේ දී පවත්වන බවත්, ප්‍රථම රැලිය කොළඹින් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවත්, ඉදිරි සතිය තුළ පක්ෂයේ සියලු සංවිධායකවරුන් කැඳවා ශාඛා සමිති ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වන බවත්, මහලේකම්වරයා ප්‍රකාශ කළේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා,

" මේ වනවිට රජයක් වශයෙන් සතුටු විය හැකි මට්ටමේ වැඩපිළිවෙළක් ගම් මට්ටමින් ක්‍රියාත්මක වෙනවා, විශේෂයෙන් ම ගම්පෙරළිය වැඩසටහන යටතේ මිලියන 300ක් පමණ සෑම මැතිවරණ කොට්ඨාසයකට ම ලබාදීමට කටයුතු කරල තියෙනවා.

ඒ වගේ ම මීට පෙරත්, අපි 2015 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ අපි මූලික වෙලා හදපු ආණ්ඩුවෙන් සෑම ග්‍රාමසේවා වසමකට ම රුපියල් ලක්ෂ 15 ගානේ දුන්නා.

ඊට පස්සෙ ලක්ෂ 10 ගානෙ දුන්නා. මීට අමතර ව මාර්ග සංවර්ධනයට විශාල මුදල් ප්‍රමාණයක් දුන්නා. දැන් මේ වෙනකොටත් මාර්ග සංවර්ධනයට වෙන් කරපු මුදල් ප්‍රමාණයට අමතර ව තවත් මිලියන 50,000ක් 60,000ක් ඉදිරි කාලයේ ගම්වලට ලබාදෙනවා.

පහුගිය කාලවල සමෘද්ධි නොලැබී සිටි අසරණ පවුල් ලක්ෂ 6කට පමණ සමෘද්ධි දෙන්නත් අපි තීරණය කළා. මේ දිනවල ඒ වැඩසටහනත් ක්‍රියාත්මක වෙනවා. සමෘද්ධිය සත්‍යවශයෙන් ම දරිද්‍රතාවයෙන් පෙළෙන අයට හරියාකාරව දුන්නනම්  කනගාටුදායක සිද්ධි අහන්න වෙන්නෙ නෑ. ‍

සමහර නිලධාරීන්ගේ අපරීක්ෂාකාරීවීම් මෙවැනි සිද්ධිවලට බලපානවා. ඇත්ත වශයෙන් ම 2015 ආණ්ඩුව එනකොට සමෘද්ධිය වෙනුවෙන් වෙන් කරල තිබුණ මුදල් ප්‍රමාණය මිලියන ගණනකින් වැඩිකරන්න අපේ රජයට පුළුවන්කම ලැබුණා.

ඒ වගේම අධ්‍යාපනය ගත්තොත්, අපි ජුලි මාසෙ  හතරවැනි දා එකම දිනක දී මේ රටේ පාසල් ගොඩනැගිලි 250ක් විවෘත කරන්න සැලසුම් කරල තියෙනවා.

මීට ඉස්සෙල්ලත් පාසල් ගොඩනැගිලි 200ක් එකම දිනක දී විවෘත කළා. ඉතිහාස‍යේ ප්‍රථම වතාවට එතරම් වැඩ කොටසක් කරන්න පුළුවන්කම ලැබුණ කියන එක විශාල ජයග්‍රහණයක්. නිදහස් අධ්‍යාපනය දුන්න කන්නන්ගර මැතිතුමා මේ රටේ මධ්‍ය විද්‍යාල 50ක් ආරම්භ කරද්දිත් එකවර දීලා තියෙන්නෙ ගොඩනැගිලි 25යි.

අපි ගොඩනැගිලි 1500ක් පහුගිය කාලෙ දුන්නා. මට කියන්න ඕන වුණේ පක්ෂයක් වශයෙන් අපි ඉතා ශක්තිමත් බවයි, යනුවෙන් ද ප්‍රකාශ කළා.

පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා කවුරුන් විය හැකි දැයි මෙහි දී මාධ්‍යවේදියෙක් විසින් විමසා සිටි පැනයකට පිළිතුරු දෙමින් මහලේකම්වරයා කියා සිටියේ, ගියවරත් ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ නිල වශයෙන් දැනුවත් කරනු ලැබුවේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළායින් අනතුරු ව බවත්, මෙවර ද අපේක්ෂකයා ඒ අයුරින් ම නම් කිරීමට පියවර ගන්නා බවත් ය.

එ‍හෙත්, ඒ සම්බන්ධ තීරණය ලබාදිය යුත්තේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් වන බවත් මහලේකම්වරයා අවධාරණය කළා.

එමෙන් ම මෙවර ඉදිරිපත් කරනුයේ පුළුල් සන්ධානයකට නායකත්වය දෙන අපේක්ෂකයෙක් බව ද, ජුලි මස පළමුවැනිදා සිට මැතිවරණ වැඩපිළිවෙළ දියත් කරන බවත්, කවර බාධක පැමිණියත්, එළඹෙන මැතිවරණය සාර්ථක ව ජයග්‍රහණය කිරීමේ සියලු ශක්තිය තම පක්ෂය තුළ පවතින බවත්, ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන, ඒ වෙනුවෙන් පෙනී සිටින සියලු ජනතාව තම පක්ෂය සමඟ එක්ව සිටින බව විශ්වාසයෙන් කිව හැකියි"


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඕනෑම මැතිවරණයකට සාර්ථකව මුහුණ දෙන්න අපි සූදානම් - අකිල
ඕනෑම මැතිවරණයකට සාර්ථකව මුහුණ දෙන්න අපි සූදානම් - අකිල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMd7BbYjgHG28NKArvRQbnkEu0ZcW02H7xqQHiH8V8uWgN7xL_UWQ0ehDnb5_9Fyh2_Wm8WMDD1AWxyMNTZdGo0vF852XnIYnL1StNDLGOsTbgGFa9i38sLDq0UBV4Ky9Unnucgjo3Nwur/s320/Akila-Viraj-Kariyawasam.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMd7BbYjgHG28NKArvRQbnkEu0ZcW02H7xqQHiH8V8uWgN7xL_UWQ0ehDnb5_9Fyh2_Wm8WMDD1AWxyMNTZdGo0vF852XnIYnL1StNDLGOsTbgGFa9i38sLDq0UBV4Ky9Unnucgjo3Nwur/s72-c/Akila-Viraj-Kariyawasam.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_449.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_449.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy