නැගෙනහිර ආණ්ඩුකාර M.L.A.M හිස්බුල්ලා සතුව දැනට අත්අඩංගුවට ගෙන තිබෙන ආයුධ මෙන් තුන් ගුණයක් ආයුධ තිබිය හැකි බවත්, ඔහු දරන ආණ්ඩුකාර තනතුරෙන් ...
හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා උලමා සභාවට කතා කරන අදාල වීඩියෝව මාධ්‍ය හමුවේ අනාවරණය කළ සභාපතිවරයා මෙලස කරුණු පැහැදිළි කරා.
“මෙතුමා මෙතන දෙමළෙන් කථා කරනවා. මම ආයුධ නැගෙනහිරට ගෙනල්ල මගේ තරුණ තරුණියන්ට දීලා, මේ යුද්ධයට ඒ කට්ටිය යොමු කරයි කියලා. ඒ තරුණ තරුණියන් ග්‍රාමාරක්ෂක භටයෝ. ඒ කට්ටියගේ පක්ෂයේ කට්ටිය. මුස්ලිම් තරුණයන් යුද්දේ ඉවරවෙලා මෙච්චර කල් වෙලත් ඒ ආයුධ ආරක්ෂක අමාත්‍යාංශයට ආපහු දීලා කියලා කිසිම තොරතුරක් නැහැ.”
“ඒත් එක්කම ඒ ඒ ග්‍රාම ආරක්ෂක භටයෝ කවුරුත් ඒ තනතුරු වලට දැන් නැහැ. අපි දන්නවා මුස්ලිම් තරුණ තරුණියෝ ඒ වගේ පොඩි පඩියකට ඉන්නේ නැහැ. යුද්ධය ඉවර වුණාට පස්සේ ඒ කට්ටිය ගිහිල්ලා. නමුත් ඒ ආයුධ කෝ..? ඒ ආයුධ නැවත බාර දීලා නැත. එතුමා ඒ කට්ටියගේ උලමා සභාවට කතා කරන වීඩියෝවක් මේක.”
මම ආයුධ නැගෙනහිරට ගෙනල්ල මගේ තරුණ තරුණියන්ට දීලා, මේ යුද්ධයට ඒ කට්ටිය යොමු කරයි කියලා. ඒ තරුණ තරුණියන් ග්‍රාමාරක්ෂක භටයෝ. ඒ කට්ටියගේ පක්ෂයේ කට්ටිය. මුස්ලිම් තරුණයන් යුද්දේ ඉවරවෙලා මෙච්චර කල් වුණත් ඒ ආයුධ ආරක්ෂක අමාත්‍යාංශයට ආපහු දීලා කියලා කිසිම තොරතුරක් නැහැ.”
“ඒත් එක්කම ඒ ඒ ග්‍රාම ආරක්ෂක භටයෝ කවුරුත් ඒ තනතුරු වලට දැන් නැහැ. අපි දන්නවා මුස්ලිම් තරුණ තරුණියෝ ඒ වගේ පොඩි පඩියකට ඉන්නේ නැහැ. යුද්ධය ඉවර වුණාට පස්සේ ඒ කට්ටිය ගිහිල්ලා. නමුත් ඒ ආයුධ කෝ..? ඒ ආයුධ නැවත බාර දීලා නැත. එතුමා ඒ කට්ටියගේ උලමා සභාවට කතා කරන වීඩියෝවක් මේක.”
“ලඟදි මට මඩකලපු ඉඳලා තරුණයෙක් කෝල් කරලා කිව්වා සර් මම දෙමළ එක්කෙනෙක් දැන් මුස්ලිම් වෙලා ඉන්නෙ. මම හිස්බුල්ලා මැතිතුමා ළඟ අවුරුදු පහක් වැඩ කරා. දැන් මම හිර ගතවෙලා ඉන්නේ පොඩි සිද්දියක් වෙලා. මඩකලපුව හිරගෙදර. මම දන්නවා ඒ ආයුධ තියන තැන්, කියලා.”
“මම ඒ විස්තරත් බුද්ධි අංශවල ලබා දුන්නා. කිසිම රියැක්ෂන් එකත් නැහැ. දැන්වත් එකිනෙකාට ඇඟිල්ල දික් කර ගන්නේ නැතුව හොයන්න පුළුවන්.”
“මම රජයෙන් ඉල්ලා සිටිනවා, මේ හිස්බුල්ලා ඔහුගේ තනතුරෙන් අයින් කරල අත්අඩංගුවට අරගෙන පරීක්ෂණයක් පවත්වන්න ඕන කියලා. මේක සෙල්ලම් වැඩක් නෙවෙයි. හොයාගත්ත ආයුධ තොගයට වඩා තුන්ගුණයක් ආයුධ මෙතුමා ළඟ තියෙන්න පුළුවන්. එතුමා ළඟ හෝ මෙතුමාට හිතවත් වෙන පුද්ගලයන් ළඟ.”
COMMENTS