දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සහජීවනයට, රාජ්‍ය ආරක්ෂාවට බාධාවන අසත්‍ය පුවත් නගන්නන්ට දඩ හා සිර දඩුවම් !
Homeප්‍රවෘත්ති

සහජීවනයට, රාජ්‍ය ආරක්ෂාවට බාධාවන අසත්‍ය පුවත් නගන්නන්ට දඩ හා සිර දඩුවම් !

PropellerAds

නි දහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් අධිකරණ සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. අස...

වැට් පනතට අත ඔසවන මන්ත්‍රීවරුන්ට කළ යුතු දේ ගැන විමල් කියයි
'සටන අවසන් නැහැ' - තෙවරප්පෙරුම
උපාලි තෙන්නකෝන්ට පහර දුන්නැයි හමුදා සැරයන් පෙරට්ටුවකට 
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් අධිකරණ සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමතිනී
තලතා අතුකෝරල මහත්මිය වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාර සහ වෛරි ප‍්‍රකාශවලට අදාළ නීති සංශෝධනය

සහජීවනයට සහ රාජ්‍ය ආරක්ෂාවට බාධාවන ආකාරයෙන් අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කරන්නන් සහ වෛරී ප‍්‍රකාශ සිදුකරන්නන් හට දඩ හා සිර දඩුවම් නියම කිරීමට හැකිවන පරිදි දණ්ඩ නීති සංග‍්‍රහය සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරීමට අදාළ කැබිනට් පත‍්‍රිකාවකට අනුමැතිය හිමිව ඇති බව ප‍්‍රකාශ වී තිබේ.ඔබ අමාත්‍යංශය විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබද ආංශික කමිටුවේ ඉල්ලීම අනුව බවද සඳහන් වේ.

අසත්‍ය ප‍්‍රවෘත්ති සහ වෛරී ප‍්‍රකාශ මේ වනවිට රටේ බරපතල ප‍්‍රශ්නයක් බවත්, එය වැළැක්වීමට අර්ථවත් පියවර කඩිනමින් ගත යුතු බවත්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ද ස්ථාවරයයි.එහෙත් මීට අදාළව දැනටමත් යම් නීතී පවතින බවත්, එම නිතී නිසි පරිදි ක‍්‍රියාත්මකවීම සිදු නොවන බවත්, පදනමකින් තොරව විවිධ පාර්ශවයන්ගේ අවශ්‍යතා මුදුන් පමුණුවා ගැනීමට යොදා ගන්නා බවත්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණයයි. උදාහරණ ලෙස අයි.සී.සී.පී.ආර්. පනත යටතේ චෝදනා එල්ල කර ලේඛක ශක්තික සත්කුමාර මාස දෙකහමාරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමත්,ප‍්‍රවීන ජනමාධ්‍යවේදී කුසල් පෙරේරා ලියූ පුවත්පත් ලිපියක් පදනම් කරගෙන එම පනත යටතේම පරීක්ෂණ ආරම්භ වී තිබීමත් දැක්විය හැකිය.

එමෙන්ම, යෝජිත නව නීති පිළිබද කිසිදු විධිමත් පැහැදිළි කිරීමක්ද මේ වනතෙක් සිදුව නොමැති අතර, අසත්‍ය ප‍්‍රවෘත්ති හෝ වෛරී ප‍්‍රකාශ යන්න තීරණය කරන්නේ කවුරුන්ද? ඊට අදාළ නිර්ණායකයන් මොනවාද?මේ තුළ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සහ ජනමාධ්‍ය නිදහස උල්ලංඝනය නොකිරීමට අදාළ ප‍්‍රවේශයන් මොනවාද? යන සියලූ කරුණු බරපතල ලෙස ගැටලූකාරීය.

මෙවන් පසුබිමක යෝජිත නීති සංශෝධනය හරහා මෙරට අදහස් ප‍්‍රකාශ කිරීමේ සහ ජනමාධ්‍ය නිදහසට බරපතල තර්ජනක් එල්ල විය හැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණයයි. එබැවින් මේ පිළිබද විධිමත් පැහැදිළි කිරීමක් වහාම රට හමුවේ තබන ලෙසත් , ඒ පිළිබඳව ඔබතුමිය සමඟ සාකච්ඡා කිරීමට කඩිනමින් අවස්ථාවක් ලබා දෙන ලෙසත්, කාරුනිකව ඉල්ලා සිටිමි.

විරංජන හේරත්
කැඳවුම්කරු
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සහජීවනයට, රාජ්‍ය ආරක්ෂාවට බාධාවන අසත්‍ය පුවත් නගන්නන්ට දඩ හා සිර දඩුවම් !
සහජීවනයට, රාජ්‍ය ආරක්ෂාවට බාධාවන අසත්‍ය පුවත් නගන්නන්ට දඩ හා සිර දඩුවම් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEisiudFxfPZzyTOVVHqBAYe6cfgCRbOrwu1WSb0Xl9-Fadjh18Ne3-im6fuayXsoFIJwkOvtAfDKPC-la_fbQJAqSj3cXYbmb35QCOlpDtRmQM16lfqu10Xu_GRqXt_AMuKoahRiBrkcGGg/s320/news-pepar.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEisiudFxfPZzyTOVVHqBAYe6cfgCRbOrwu1WSb0Xl9-Fadjh18Ne3-im6fuayXsoFIJwkOvtAfDKPC-la_fbQJAqSj3cXYbmb35QCOlpDtRmQM16lfqu10Xu_GRqXt_AMuKoahRiBrkcGGg/s72-c/news-pepar.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_319.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_319.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy