ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන්නේයැයි සැකපිට යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් ප්‍රේම් දයානන්ද උදලාගම ආවරණය ...
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන්නේයැයි සැකපිට යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් ප්‍රේම් දයානන්ද උදලාගම ආවරණය කර අද(08) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවිය හමුවට ඉදිරිපත් කර තිබේ.
2009 ජනවාරි 23 වැනිදා ගම්පහ, ඉඹුල්ගොඩ දී ඔහුට පහරදීම සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීම සඳහා යළි සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි රහස් පොලිසිය එදින සාක්කිකරුවන් කැඳවන බව රහස් පොලිසිය දැනුම් දුන්නේය.
ඒ අනුව සැකකාර හිටපු හමුදා සැරයන්වරයා ලබන 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කැරිණි.
COMMENTS