මීගහතැන්න ප්‍රාථමික විදුහලේ 2016 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේදී සිදු වූ අක්‍රමිකතාවයක් නිසා ප්‍රදේශයේ සිසුන් 09 දෙනෙකුට මා...
මීගහතැන්න ප්‍රාථමික විදුහලේ 2016 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේදී සිදු වූ අක්‍රමිකතාවයක් නිසා ප්‍රදේශයේ සිසුන් 09 දෙනෙකුට මාස 06ක කාලයක් නිදහස් අධ්‍යාපන වරම් නොලැබීම හේතු කොට ගෙන එම සිසු සිසුවියන්ගේ දෙමාපින් සමඟ වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මාරාන්තික උපවාසය නිරතවීමෙන් සිදූ වූ සිද්දි දාමයෙන් පසුගිය දිනවල මීගහතැන්න ප්‍රදේශය මහත් ආන්දෝලනාත්මකව කතාබහට ලක්වෙන තත්ත්වයකට පත් විය.
කෙසේ හෝ අවසානයේ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මැදිහත්වීමෙන් පසුව අදාළ ළමුන් 09දෙනා හට අධ්‍යාපනය හැදෑරීමට මතුගම ශාන්ත මේරී විදුහලට අතුලත් වීමට හැකිවිය.
නියෝජ්‍ය අමාත්‍යවරයාගේ එම මැදිහත්වීම වෙනුවෙන් ඔහුට උපහාර දැක්වීමේ උත්සවයක් සහ භෝජන සංග්‍රහයක් වලල්ලාවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයසේන මල්ලවආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එම ළමුන්ගේ දෙමපියන්ගේ සහයෝගයෙන් ඊයේ (07) මීගහතැන්න, නාවලකන්ද ප්‍රදේශයේ සමන්ත සමරසිංහ මහතාගේ නිවසේදී පැවැත්විය.
එම අවස්ථාවට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් කියාසිටියේ තමන් එදා ආරම්භ කල සටන තවමත් අවසන් නොමැති බවයි.
යහපාලන ආණ්ඩුවට පිටුපස දොරින් ඇතුළු වී ජනතාවට අසාධාරණකම් කල අයට දඬුවම් ලබාදී මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ වසා දමා ඇති පන්තිය විවෘත කරමින් නැවත පන්ති 04ක් බවට පත් කිරීමෙනුත් මීගහතැන්න මෙරිල්කාරියවසම් මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමෙනුත් පසු තම සටන අවසන් කරන බව ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේය.
එමෙන්ම නාවලකන්ද ප්‍රදේශවාසීන්ගේ කලක පටන් දැවැවෙන ගැටළුවක් වන 849D ග්‍රාමසේවා වසමේ නාවලකන්ද හරහා වැටී ඇති ඩිමෙල් මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මෙම උපහාර දැක්වීමේ උත්සවය සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන ජයසේන මල්ලවආරච්චි, දිලීප් පිටිගල යන මහත්වරුන් ඇතුළුව ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ අවස්තාවට සහභාගී විය.
COMMENTS