ධු රයෙන් අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පාස්කු බෝම්ම ප‍්‍රහාර සම්බන්ධයෙන් දැන සිට තොරතුරු වසන් කිරීම හා ක‍්‍රියාමා...
ධුරයෙන් අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පාස්කු බෝම්ම ප‍්‍රහාර සම්බන්ධයෙන් දැන සිට තොරතුරු වසන් කිරීම හා ක‍්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයක් හමුවේ ප‍්‍රශ්න කෙරෙනු ඇත බවය රජයේ ඉහළම පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.
පසුගියදා එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පත්කර ඇති තේරීම් කාරක සභාව හමුවේ පොලිස්පතිවරයා විසින් හෙළි කරන ලද කරුණු මත මෙම තත්ත්වය උද්ගත වී ඇතැයිද එම ආරංචි මාර්ග පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නිශ්චිත වශයෙන් තොරතුරු දැන නොසිටි බව පැවසුවද මෑතකදී ධුරයෙන් ඉල්ලා අස් වූ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් එම තොරතුරු නිශ්චිත වශයෙන්ම පොලිස්පතිවරයාට දැනුම් බව පවසා ඇතැයිද සඳහන්ය.
පාස්කු ඉරිදාවේ මෙරට මෙතෝදිස්ත පල්ලි ගණනාවකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් පොලිස්පතිවරයාට නිශ්චිතවම දැනුම් දී තිබියදීත් පොලිස්පතිවරයා නිශ්චිත තොරතුරු නොලද බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කියා සිටියේය
ඉදිරි අධිකරණයක මෙම කටයුත්ත ප්‍රශ්න කරනු ඇතැයිද එකී ආරංචි මාර්ග තවදුරටත් පැවසීය.

COMMENTS