දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එම්.සී.සී. ගිවිසුමට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් කටයුතු නොකරන්නේනම් එහි ප්‍රතිවිපාක බුක්ති විඳීමට සිදුවේවි - ඇමරිකාව ලංකාවට කියයි
Homeප්‍රවෘත්ති

එම්.සී.සී. ගිවිසුමට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් කටයුතු නොකරන්නේනම් එහි ප්‍රතිවිපාක බුක්ති විඳීමට සිදුවේවි - ඇමරිකාව ලංකාවට කියයි

PropellerAds

මේ දිනවල බොහෝ දෙනාගෛ් කතාබහට ලක්වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නි...

රට තවදුරටත් ණය කරනවාද? ගොඩ ගන්නවාද? තීරණය විදේශ ශ්‍රමිකයින් අතෙයි - ඇමති මනුෂ
ඩොලර් 35ට රුසියාව කෙලින්ම දෙන තෙල් නොගනී! දේශපාලඥයෙකුගේ සමාගමකින් රුසියානු තෙල්ම ගනී!
මෙහේ එනවා නම් ෆුල් ටෑන්ක් තෙල් ගහගෙන එන්න... අපිත් ගහගන්නේ ඉන්දියාවෙන් - ලංකාව ලෝකයේම ගුවන් සේවා සමාගම්වලට දැනුම් දෙයි! (VIDEO)
මේ දිනවල බොහෝ දෙනාගෛ් කතාබහට ලක්වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. යනු ශ්‍රී ලංකාවට ලබා දෙන ත්‍යාගයක් බවයි. එසේම  ඒ පිළිබඳව අසත්‍ය තොරතුරු දැනට ප්‍රචාරය වෙමින් පවතින බවද තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන්.
මේ අතර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් කටයුතු නොකරන්නේ නම් එහි ප්‍රතිවිපාක බුක්ති විඳීමට සිදු වන බව අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා. එහි ප්‍රතිවිපාක ලෙස දක්වා ඇත්තේ එම්.සී.සී. හරහා ලැබීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදානය නොලැබී යාම හෝ තාවකාලිකව අත්හිටුවීමක් පිළිබඳවයි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ගිවිසුම හරහා ඉඩම් අයිතීන්ට අදාළ තොරතුරු ලබා ගැනීමට හා පෞද්ගලික අංශයට ලබා දී ඇති රජයේ ඉඩම්වල කුලී ලබා ගෙන රජයේ ආදායම් ඉහළ දමා ගැනීමට හැකියාව පවතින බවද තානාපති කාර්යාල නිලධාරියා ප්‍රකාශ කර ඇති අතර අදාළ ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ ඉඩම් අත්පත් කර ගැනීමට අමෙරිකාව සූදානම් වන බවට එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර ලෙස අමෙරිකානු තානාපති නිලධාරියා පවසා ඇත්තේ, මේ හරහා අමෙරිකාව ඉඩම් අයිති කර ගැනීමක් සිදු නොකරන බවයි.

කෙසේ නමුත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් මගින් ශ්‍රී ලංකාවේ ඉඩම් අත්පත් කර නොගන්නා බව අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියා පැවසුවද පසුගියදා අමෙරිකානු සෙනට් සභිකයින් දෙදෙනෙක් යාපනයේ මයිලිට්ටි ප්‍රදේශයේ ඉඩම් හා වරාය නිරීක්ෂණය කරමින් සංචාරයක යෙදී තිබෙනවා.

ඉන්දීය ආධාර යටතේ පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති පසුබිමක මෙලෙස  අමෙරිකානු සෙනට් සභිකයින් දෙදෙනෙකු එම ප්‍රදේශයේ ඉඩම් පරීක්ෂාවක යෙදී ඇති අතර පලාලි ගුවන්තොටුපොළේ සිට අදාල ඉඩම් පරීක්ෂා කළ ස්ථානයට ඇති දුර කිලෝමීටර් 4 ක් බවයි වාර්තා වුනේ.

කොළඹින් ලැබුණු දුරකතන ඇමතුමක් මත තමන් මෙම සංචාරයට අනුමැතිය දුන් බව යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් සුබ්‍රමනියම් මුරලිදරන් ප්‍රකාශ කළ අතර තමන්ට එම ඇමතුම ලබා දුන්නේ කවුරුන්දැයි හෙළි කිරීම ඔහු ප්‍රතික්ෂේප කරනවා. එසේම මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ප්‍රකාශ කරන්නේ තානාපති කාර්යාලවල උපදෙස් අනුව නිලධාරීන්ට කටයුතු කළ නොහැකි බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එම්.සී.සී. ගිවිසුමට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් කටයුතු නොකරන්නේනම් එහි ප්‍රතිවිපාක බුක්ති විඳීමට සිදුවේවි - ඇමරිකාව ලංකාවට කියයි
එම්.සී.සී. ගිවිසුමට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් කටයුතු නොකරන්නේනම් එහි ප්‍රතිවිපාක බුක්ති විඳීමට සිදුවේවි - ඇමරිකාව ලංකාවට කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiz4kpYN2R1pe7JA0nu7C75ifpdVce1Ko1xkoIPBcpX8ExYIgjzkwApWt6B_uumzoJ8lR5sehV09cYute8uAWLS8TqR5a-e-kNF_aG0ETwBUZ3tIoojsdRsUmggwziezq-QKO8vHx10NfTs/s320/usembs.gif
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiz4kpYN2R1pe7JA0nu7C75ifpdVce1Ko1xkoIPBcpX8ExYIgjzkwApWt6B_uumzoJ8lR5sehV09cYute8uAWLS8TqR5a-e-kNF_aG0ETwBUZ3tIoojsdRsUmggwziezq-QKO8vHx10NfTs/s72-c/usembs.gif
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_47.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_47.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy