ස ජිත් ප්‍රේමදාස මහතා විසින් තමා ඉදිරි ජනපතිවරණයට තරග කරනවාද නැද්ද යන්න පිළිබඳව ස්ථිර වචනයක් ලබාදීම ලබන 08 වැනිදා සිදු කිරීමට සැලැසුම් කර ඇ...
සජිත් ප්‍රේමදාස මහතා විසින් තමා ඉදිරි ජනපතිවරණයට තරග කරනවාද නැද්ද යන්න පිළිබඳව ස්ථිර වචනයක් ලබාදීම ලබන 08 වැනිදා සිදු කිරීමට සැලැසුම් කර ඇතැයි වාර්තා වේ. ඔහු මේ ප්‍රකාශය “සසුනට අරුණ” ව්‍යාපෘතිය යටතේ අනුරාධපුරයේ ඉදිවූ ශ්‍රී ස්වර්ණ ජයන්ති විහාරයේ චෛත්‍ය විවෘත කිරීමේ උත්සවයේදී සිදුකරනු ඇතැයි අනිද්දා සිය මුල්පුවතින් අනාවරණය කර තිබේ.
එම උත්සවය අස්ගිරි මහනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විශාල භික්ෂු සහභාගිත්වයකින් සිදු කිරීමට නියමිත බවද පැවසේ.
ජනපතිගේ වචනය දීල ඉවරයි
මේ අතර, තාමා ඉදිරි ජනපතිවරණයේදී ජනපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර තිබූ අතර ඔහු එහිදී එජාප මීළඟ නායකයා සජිත් කරගන්නා ලෙස වහෙන් ඔරෝ පවසා තිබිණි.
එසේම එම රැස්වීමේදී සිරිසේන මහතා නායකත්වය වෙනස්වන්නේ නම් එජාපයට තමා හා තම කණ්ඩායමේ සහය ලැබෙන බවද පවසා තිබිණි.
සජිත් හා ජනපතිවරයා අතර පසුගිය කාලයේදී ඉතා කිට්ටු ගණදෙනුවක් තිබූ බවත්, සජිත්ගේ ජනපති මෙහෙයුමට එජාපයේ ප්‍රබල ඇමතිවරු පිරිසකගේ සහයද ලැබෙන බව එම තොරතුරුවලින් වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

COMMENTS