දෙමළ ජාතික සන්ධානය බලයට පත් වූ පසු දෙමළ ජනතාව වෙනුවෙන් සිදු කල මෙහෙය , නායකත්වය පරාජය වෙලා තියනවා කියනවානම් ඒක අමූලික බොරුවක් බවට දෙමළ ජාත...
දෙමළ ජාතික සන්ධානය බලයට පත් වූ පසු දෙමළ ජනතාව වෙනුවෙන් සිදු කල මෙහෙය , නායකත්වය පරාජය වෙලා තියනවා කියනවානම් ඒක අමූලික බොරුවක් බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (01 ) යාපනයේ මන්ත්‍රීවරයාගේ නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
එහදී සුමන්තිරන් මන්ත්‍රී වරයා වැඩි දුරටත් කියා සිටියේ,
‘උතුරේ අත්පත් කරගත් ඉඩම් නැවත ජනතාවට ලබාදීමට ප්‍රධානතම හේතුව වූවේ මේ දේශපාලන වෙනස්කම නිසයි මෙකෙන් කිසිම දෙයක් වෙලා නැහැ කියන එක පිළිගන්න බැහැ දෙමළ ජාතික සන්දානය දේශපාලන වෙනසක් කරන්න උදව් වුනා එකෙන් කිසිම ප්‍රතිඵලයක් ලැබිල නැහැ කියල කියනවනම් ඒක අමූලික බොරුවක් එය ජනතාව හොඳින් දන්නවා දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට සම්පූරණයෙන්ම විසඳුමක් ලැබුනා කියල අපි කියන්නේ නැහැ මේ ලගදිත් ආර්.සම්පන්දන් විපක්ෂ නායකතුමන් විසින් ජනාධිපතිතුමන් හමුවෙලා දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරල තිබුනා ඒ නිසා කිසිම දෙයක් වුනේ නැහැ කියන එක අමූලික බොරුවක් කියා කියන්න මම පසුබට වෙන්නෙ නැහැ.
"නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මම ගාල්ලේදී පැවැත්වු කථාවේදී අපිට ෆෙඩරල් ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට මා කියු බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මම ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න කැමැතියි. නව ව්‍යවස්ථාව ඇති කිරීමට අපගේ පිවිසුම මතභේදයට තුඩුදෙන වචන භාවිතයෙන් වැලකි සිටිමයි. අතුරු වාර්තාවේ බොහෝම පැහැදිලිව ඒ බව කියලා තිබෙනවා. උතුරු නැගෙනහිර රාජ්‍යය බලය හරි විදිහට බෙදාහරින්න ඕන ජනතාවගෙන් තේරීපත්වන කෙනාගේ අතට එය ලබාදිය යුතුයි, නමුත් එය දිය යුත්තේ ආණ්ඩුකාරවරයාට නොවෙයි." යනුවෙනි.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS