ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස තමන් විසින් කළ ආරාධනාව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා භාර ගැනීම පිළිබඳව ස්තූතිය ප්‍රකාශ කරන නමු...
ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස තමන් විසින් කළ ආරාධනාව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා භාර ගැනීම පිළිබඳව ස්තූතිය ප්‍රකාශ කරන නමුත් එම විවාදය පෞද්ගලික රූපවාහිනියක සිදුකිරීමට සූදානම් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
පසුගියදා පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මහතා විවාදයකට පැමිණෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කළ අතර සජිත් ප්‍රේමදාස මහතා පැවැසුවේ එම අභියෝගයට තමන් සූදානම් බවත් එය උදා ගම්මානයක පැවැත්විය යුතු බවත්ය.
කෙසේ වෙතත් එවැනි විවාදයක් උදාගම්මානයක පැවැත්වීම ප්‍රායෝගික නොවන බවත් එම විවිදයට පෞද්ගලික රූපවාහිනියක් යොදා ගත හැකි බවත් හිටපු අමාත්‍යවරයා පවසයි.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ එම විෂය භාරව පසුගිය ආණ්ඩුවේ කටයුතු කළ විමල් වීරවංශ යන මහත්වරුන් අතර අද පාර්ලිමේන්තුවේදී විවාදයක් ඇතිවිය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විමල් විරවංශ මහතා නිවාස අධිකාරියට දෛනික දීමනා ගෙවීම් මත බඳවා ගෙන ඇති සේවකයින් සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියේ ය.
“හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔබතුමාගේ පාක්ෂික දරුවෝ දසදහස් සංඛ්‍යාත ප්‍රමාණයක් දෛනික දීමනා ගෙවීමේ පදනම මත නිවාස අධිකාරියට ගෙන්න ගෙන ඒ කාර්යාලවල වාඩිවෙන්න තැනක් නැතුව දිනකට රුපියල් 550ක වගේ මුදලකට. මේ නිසා නිවාස අධිකාරිය අද එහි දිස්ත්‍රික් කළමනාකරුවන්ට පරිපාලනමය වශයෙන් පවත්වා ගෙන යන්න බැරි ආකාරයේ අර්බුදයක් අද ඇතිවෙලා තියෙනවා.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, ස්ථීර කාර්ය මණ්ඩලයට නිසිදු බඳවා ගැනීමක් සිදු කර නොමැති බවයි.
එමෙන් ම විමල් වීරවංශ මහතා ඇමති ධුරය දරන සමයේ සිදු කර ඇති ඥාති සංග්‍රහයන් පිළිබඳව මෙහිදී ඇමතිවරයා සිහිපත් කළේ ය.
”රට පුරාවටම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී කියන්න කැමති ස්ථික කාර්ය මණ්ඩලයකට කිසිම බඳවා ගැනීමක් කරලා නැහැ. විශේෂයෙන්ම මම කියන්න කැමති නිවාස සංවර්ධන අධිකාරිය බංකොළොත් භාවයට පත්වෙලත් නැහැ. අපි ඵෙතිහාසික නිවාස ප්‍රමාණයක් ඉදිකරන් යනවා. මම කියන්න කැමති අපි කරන්නේ නැති දේ අපි කහතුඩුව නිවාස යෝජනා ක්‍රමයෙන් ඇමතිවරයාගේ වැඩිමහල් සහෝදරයෙකුගේ පුත්‍රෙයකුගේ බිරිඳ ගීගනගේ වත්සලා කුමාරසිංහට අපි ගෙවල් දුන්නේ නැහැ. අපි ගෙවල් දුන්නේ අමාත්‍යතුමාගේ වැඩිමහල් සහෝදරියගේ එක් පුත්‍රයෙකුගේ බිරිඳට ඉසුරු තරංගමාලා මුතුරණවීරට අපි ගෙවල් දිලා නැහැ. අපි හිටපු අමාත්‍යතුමාගේ බිරිඳගේ සෙහොයුරා වන අජිත් කුමාර යන අයගේ බිරිඳට පළාතේ ගෙදර වසන්තා රූපසිංහට අපි ගෙවල් දිලා නැහැ. එවගේම ගරු අමාත්‍යතුමනි අපි හිටපු අමාත්‍යතුමාගේ වැඩිමල් සහෝදරියගේ වැඩිමහල් සහොදරියට.මත්තේගොඩින් දිලා නැහැ ඉඩම්”
එහිදී හිටපු අමාත්‍යවරයා චෝදනා මෙලෙස ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ, නම් සඳහන් කළ කිසිවෙක් එම ගෙවල්වල ජීවත් වන්නේ, නම්, තමා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවයි.
”ඔය කියන කිසිම කෙනෙක් ඔය කියන එක ගේක ඉන්නව නම් මේ මන්ත්‍රී ධූරයෙන් අයින් වෙන්න ලෑස්තියි”
පසුගියදා පැවති මෙම විවාදය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේ ය.
COMMENTS