දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවට කඩා වදින්න සූදානමින් සෙබළුන් 6500ක් සහිත ඇමරිකා යුධ නැව මෙරට මුහුදු සීමාවේ
Homeප්‍රවෘත්ති

ලංකාවට කඩා වදින්න සූදානමින් සෙබළුන් 6500ක් සහිත ඇමරිකා යුධ නැව මෙරට මුහුදු සීමාවේ

PropellerAds

‘STOP USA’ සංවිධානය බිහි කරනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය සමඟ සිදු කෙරෙන ආර්ථික හෝ වෙළඳ කටයුතු නතර කර දැමීමට නොව එහි 7 වැනි ඉන්දු – ...

ලංකාවට එරෙහි UN මුල් වෙඩිල්ල තියයි - R2P සහිත පලමු නිවේදනය එයි !
namal kumara
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ වත්මන් නායකයා විදෙස් මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර පොලිස් අත්අඩංගුවට පත්වූ හැටි - (video)
‘STOP USA’ සංවිධානය බිහි කරනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය සමඟ සිදු කෙරෙන ආර්ථික හෝ වෙළඳ කටයුතු නතර කර දැමීමට නොව එහි 7 වැනි ඉන්දු – පැසිෆික් නාවික බලඇණියේ 73 වැනි අනුඛණ්ඩය හෙවත් සැපයුම් අනුඛණ්ඩය ශ්‍රී ලංකාව තුළ ස්ථාවරව ස්ථානගත කිරීමේ සතුරු සැලසුම නතර කිරීමට බවත් ඒ සඳහා තම සංවිධානය වටා එක්රොක් වන ලෙස දේශප්‍රේමී සියලු ජනකොටස් වෙතින් ඉල්ලා සිටින බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹ ‘රිච්මන්ඞ් හවුස්’හිදී පැවැති ‘STOP USA – මව්බිමේ සුරක්‍ෂිතභාවය උදෙසා’ සංවිධානයේ ප්‍රථම මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

“’STOP USA’ පිහිටුවා ගැනීම සඳහා පුරෝගාමී වූ අප සැමගේ අදහස වී තිබෙන්නේ අපගේ මව්බිම ඉතිහාසය තුළ මුහුණ දෙන ඉතාමත් අනතුරුදායක තත්වයකට අද මුහුණ පා සිටින බවයි. ඇමෙරිකා එක්සත් ජනපදය, තම පුමුඛ පෙළේ ඒජන්තයන් දෙපොළක් වන ‘රනිල් වික්‍රමසිංහ සහ මංගල සමරවීර බාන’ මැනවින් උපයෝගී කරගෙන පසුගිය වසර 04 තුළ තම මිලිටරි ආධිපත්‍යය දීර්ඝකාලීනව තහවුරු කර ගැනීමේ මෙහෙයුමක් දියත් කරනු ලැබුවා. ඒ පිළිබඳ අදහස් දැක්වීමටයි මෙම මාධ්‍ය හමුව කැඳවනු ලැබුවේ.

‘7 වැනි ඉන්දු – පැසිෆික් නාවික හමුදා බලඇණිය’

දැනටමත් අපේ මුහුදු සීමාව ආසන්නයේ, අපේ මුහුදු සීමාවට කඩා වදින්න බලාගෙන ‘ජෝන් සී ස්ටැනින්ස්’ නැමති ඇමෙරිකානු යුද නැව රඳවා තිබෙනවා. කලින් ඇමෙරිකානු නාවික හමුදාවේ ‘7 වැනි පැසිෆික් බලඇණිය’ ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපති ලෙස පත් වූවාට පසුව ‘7 වැනි ඉන්දු – පැසිෆික් බලඇණිය’ ලෙස හඳුන්වනවා. ඒ ඉන්දු සාගර කලාපයේ වැදගත්කම සලකායි. ඉහත කී යුද නැව අයත් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ‘7 වැනි ඉන්දු – ෆැසිපික් බලඇණිය’ටයි. මෙම නාවික හමුදා බලඇණියට ලෝකයේ 50%ක භූමි ප්‍රාදේශයක නාවික කටයුතු ඇමෙරිකානු නාවික හමුදාව විසින් භාර කොට තිබෙනවා. ජපානයේ ඔකිනාවාවල 26,00ක් ද දකුණු කොරියාවේ 24,000ක් ද වශයෙන් මෙම නාවික බලඇණියේ භට පිරිස් රඳවා තිබෙනවා. ඊට මහා පරිමාණ යුද නැව් 70ක් හා ගුවන් යානා 300ක් අයත්. ලක්‍ෂයකට වැඩි පිරිස් බලයක් තිබෙනවා.

‘සැපයුම් අනුඛණ්ඩය ස්ථිර ලෙස ලංකාවට’

මෙම 7 වැනි ඉන්දු – පැසිෆික් නාවික හමුදා බලඇණිය යටතේ අනුඛණ්ඩ කිහිපයක් ස්ථාපිත කර තිබෙනවා. 70 වැනි අනුඛණ්ඩය (යුද ප්‍රහාරක අනුඛණ්ඩය), 71 වැනි අනුඛණ්ඩය (නාවික ප්‍රහාරක අනුඛණ්ඩය), 72 අනුඛණ්ඩය (සංචාරක හා ආවේක්‍ෂණ අනුඛණ්ඩය) හා 73 වැනි අනුඛණ්ඩය (යුද සැපයුම් අනුඛණ්ඩය) ඒ අතර වෙනවා. 73 වැනි අනුඛණ්ඩය ලෙස හඳුන්වන යුද සැපයුම් අනුඛණ්ඩයට අයත් නාවික භටයන් 6500ක් රඳවා තැබිය හැකි, ප්‍රහාරක ගුවන් යානා 100ක් සහිත ජෝන් සී ස්ටැනින්ස් යුද නැව තමයි මේ වන විට ත්‍රිකුණාමල වරායට ආසන්නව නවතා තිබෙන්නේ. ඇමෙරිකානු 7 වැනි ඉන්දු – පැසිෆික් නාවික බලඇණියේ 73 වැනි අනුඛණ්ඩයේ අණදෙන නිලධාරියා වන්නේ ලුතිනන් කමාන්ඩර් ෆෙඞ්රික් ස්පයි. ඔහු කියනවා, ‘ශ්‍රී ලංකාවේ පිහිටුවනු ලබන යුද සැපයුම් කේන්ද්‍රය, උපායමාර්ගික වශයෙන් වැදගත් ලෝක මට්ටමේ ක්‍රියාන්විතයක්’ කියා. ඒ අනුව ඉතා පැහැදිලියි, SOFA, ACSA හා MCC යන ගිවිසුම්වලින් පාර කපා ගන්නේ ඇමෙරිකානු 7 වැනි ඉන්දු – පැසිෆික් නාවික බලඇණියේ, 73 වැනි අනුඛණ්ඩය ශ්‍රී ලංකාව තුළ ස්ථාවර ලෙස ස්ථාපිත කර ගන්නයි.

‘ ACSA අනතුරුදායක ගිවිසුමක් බවට පත් කළේ කවුද?’

මේ කිසිදු ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැහැ. මහජනයා අතර සංවාදයකට භාජනය කර නැහැ. අඩුම තරමින් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තුළ පවා ප්‍රමාණවත් ලෙස සංවාදයකට භාජනය වී නැති බව පැවසෙනවා. මේ සියල්ල මෙතෙක් දුර පැමිණ ඇත්තේ කාටත් හොර රහසේයි. 1995 චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ කාලයේ ඉතා සරල කරුණු කිහිපයකින් යුත් ගිවිසුමක් ලෙසයි ACSA ගිවිසුම පැවැත්මට ආවේ. එහි සඳහන් වූයේ ‘ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්ට පුහුණුව ලබා දීමට පැමිණෙන ඇමෙරිකානු යුද උපදේශකයන්ට තානාපති මුක්තිය ලැබිය යුතුයි’ යන්නයි. ඉන්පසු අවුරුද්දකට එසේ පැමිණි ඇමෙරිකානු යුද උපදේශකයන් 10-12ට තානාපති මුක්තිය ලැබුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස සිටින කාලයේ මෙම ගිවිසුම මදක් විස්තීරණය වූවා. එය පිටු 10ක පමණ ගිවිසුමක් බවට පත් වූවා. එහි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ගිවිසුමට වඩා වැඩිමනක් ලෙස සඳහන් වූයේ ඇමෙරිකානු නැවක් හදිසියේ පැමිණියහොත් තෙල් සැපයීම වැනි සේවා සැපයීමට අදාළ කරුණු කිහිපයක්. අවුරුදු 10කට පමණක් සීමා වූ එම පිටු 10ක විස්තීරණය කළ ගිවිසුමෙන් කිසිසේත්ම රට තුළට ඇමෙරිකානු හමුදාවන්ට පැමිණීමට, ක්‍රියාන්තවිතවල යෙදීමට ඉඩ ලැබී නැහැ. ඒ අවුරුදු 10ක කාලය අවසන් වූයේ මේ ආණ්ඩුව යටතේයි. ඉන්පසු මේ ආණ්ඩුව පිටු 80කට වැඩි, ඒ වගේම ඇමෙරිකානු හමුදාවන්ට මේ රටේ ඕනෑම වරායක් හෝ ගුවන්තොටුපළක් පාව්චිචි කිරීමට ඉඩ ලැබෙන අනතුරුදායක ගිවිසුමක් බවට ACSA ගිවිසුම පත් කළා.

‘අනාගතයේදී මඩකලපුවට පමණක් බලපාන ආපදා තත්වය’

මා සතුව තිබෙනවා, වත්මන් ඇමෙරිකානු තානාපතිනිය, නැගෙනහිර ආණ්ඩුකාර ධුරය දැරූ හිස්බුල්ලා සමඟ මඩකලපුවේ පාසලක විවෘත කළ ගොඩනැගිල්ලක සමරු ඵලකයක ඡායාරූපයක් (මාධ්‍යයට පෙන්වයි). මේ ඵලකයේ සඳහන්ව තිබෙනවා, ‘මෙම ගොඩනැගිල්ල ඇමරිකා එක්සත් ජනපද හමුදාවන් විසින් ඉදි කරන ලදී’ කියා. එකක 1000ක් රඳවා තැබිය හැකි මෙවැනි ගොඩනැගිලි 04ක් මඩකලපු දිස්ත්‍රික්කය තුළ ඇමෙරිකාව විසින් ඩොලර් මිලියන ගණනක් වැය කොට ඉදිකර තිබෙනවා. ‘ආපදා තත්වයකදී භාවිතා කිරීමට’ කියා කිව්වාට, ‘ඇමෙරිකාවට පමණක් තේරෙන, අනාගතයේදී මඩකලපුවට පමණක් බලපාන ආපදාව කුමක්ද?’ කියා අපට තේරුම් ගැනීමට බැහැ. ‘ටි්‍රම්බල්’ නැමති ඇමෙරිකානු සමාගම අද ශ්‍රී ලංකාවේ මැනුම් කටයුතු තමන් අතට අරගෙන තිබෙනවා. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කටයුත්ත අද ඔවුන් රාජ්‍ය අනුග්‍රහයෙන් අත්පත් කර ගෙන තිබෙනවා. ඔවුන් මේ රටේ ඉඩම් පිළිබඳ සියලු දත්ත එකතු කරමින් සිටිනවා. ඒ වගේම ඉඩම් (විශේෂ විධිවිධාන) පනත, රාජ්‍ය ඉඩම් බැංකු පනත ආදී පනත් කිහිපයක් සැකසෙමින් තිබෙනවා. මේ සියල්ල මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමෙහි සඳහන් ඉඩම් අක්කර 12,00 000ක් අත්පත් කර ගැනීමේ කටයුත්තට අදාළවයි සැකසෙන්නේ. ඒ වගේම මේ තිබෙන්නේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය අරලියගහ මන්දිරය තුළ තම කාර්යාලය පවත්වාගෙන යන බව තහවුරු කරන ලිපි ලේඛන (ඉඩම් පනත් කෙටුම්පත් ඇතුළු ලිපි ලේඛන මාධ්‍ය වෙත ඉදිරිපත් කරයි.) මේ ආකාරයට ඉතා වේගයෙන් මේ රටට එරෙහි ඇමෙරිකානු මෙහෙයුම දියත් වෙනවා.

‘ඇමෙරිකානු නීතිඥ සංගමයත් එයි’

ඒ විතරක් නොවෙයි ඇමෙරිකානු නීතිඥ සංගමයේ ශාඛාවක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමට අදාළව විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කළ ඉල්ලීම හා එම ඉල්ලීම ඉටුකර දීමට මේ ආණ්ඩුව උත්සාහ ගත් අන්දම දැක්වෙන ලිපිලේඛන අප සතුව තිබෙනවා.(මාධ්‍ය වෙත ඉදිරිපත් කරයි). ඇමෙරිකානු නීතිඥ සංගමයේ ශාඛාවක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවන්නේ ඇයි ? බලන්න, SOFA ගිවිසුම අත්සන් කළොත් පැමිණෙන ඇමෙරිකානු ආරක්‍ෂක හමුදාවන්හි නිලධාරින්, එහි කොන්ත්‍රාත්කරුවන් ආදි සියලුදෙනා ශ්‍රී ලංකාවේ නීතියට යටත් වන්නේ නැහැ. බදු ගෙවන්නේ නැහැ. ඔවුන් ලංකාවේ ස්ත්‍රීයක් දූෂණය කළොත් අපේ අධිකරණ පද්ධතිය ඉදිරියට ගෙනයන්න බැහැ. වැරදිලා හෝ ගෙනගියොත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න තමයි මේ ඇමෙරිකානු නීතිඥ සංගමයේ කාර්යාලයක් කොළඹ අරින්න හදන්නේ. ජපානය, චීනය හෝ අඩුම තරමින් ඉන්දියානු නීතිඥ සංගමයේ කාර්යාලයක් හෝ ලංකාව තුළ නැහැ. මෙමගින් පෙනෙන්නේ ද සතුරු ක්‍රියාන්විතය ඉදිරියට පැමිණ ඇති දුර නොවේද?

අප මීට එරෙහිව සමගිසම්පන්නව නැඟීනොසිටියහොත් ආපසු හැරවිය නොහැකි ආධිපත්‍යයක ගොදුරක් බවට මේ රට පත් වන එක ‘වළක්වන්න බැහැ. ස්ථිර ලෙසම ශ්‍රී ලංකාව ඇමෙරිකානු 07 වැනි ඉන්දු – පැසිෆික් නාවික බලඇණියේ 73 වැනි අනුඛණ්ඩයේ තිප්පොළ බවට පත්වන එක වළක්වන්න බැහැ. ඇමෙරිකාව බින්න බැහැපු කිසිම රටකට ඔවුන් හොඳින් ඉන්න දුන්නේ නැහැ. එකිනෙකාට විරුද්ධව උසිගන්වා, ආයුධ ලබා දී ගැටුම් ඇතිකොට මේ රට ඔවුන්ට වාසිදායක ලෙස පවත්වා ගෙන යාම වෙනුවෙන් ලේ ගංගා නිර්මාණය කරාවි. මේ විපත සිදු වීමට ඉඩහැර නිහඬව සිටියොත් අනාගතයේදී අපේ දරුවන් අපට සාප කරන එක වළක්වන්න බැහැ. ‘STOP USA’ කියන්නේ ඇමෙරිකානු වෙළඳ හා ආර්ථික කටයුතු නැවත්වීමක් නොවෙයි.’STOP USA’ යන්නෙන් අප අදහස් කරන්නේ ‘ඇමෙරිකානු 7 වැනි ඉන්දු -පැසිෆික් නාවික බලඇණියේ ගොදුරු බිමක් බවට මේ රට පත් කරන්න එපා’කියන එකයි. මහනායක ස්වාමීන්වහන්සේලා, කාදිනල්තුමන් මේ පිළිබඳ තම මතය ඉදිරිපත් කොට තිබෙනවා. අපි ඒ සම්බන්ධයෙන් උන්වහන්සේලාට අපගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම සියලු රටවැසියන්ගෙන් ‘STOP USA’ වටා එක්වන්න කියා ඉල්ලනවා. දේශපාලන පක්‍ෂ භේදයෙන් තොරව මේ රටට එරෙහි ක්‍රියාන්විතය පැරදවීමට එක්වන ලෙස රටට ආදරය කරන සියලු පිරිස වෙතින් ඉල්ලනවා.

‘27 සම්මන්ත්‍රණය’

ඒ වගේම ‘STOP USA’ පළමු ක්‍රියාන්විතය ලෙස ‘ගිවිසුම් තුනකින් මව්බිම වනසන ඇමෙරිකානු උගුල පරදවමු’ යන තේමාව යටතේ ජූනි 27, කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී සම්මන්ත්‍රණයක් පැවැත්වෙනවා. ඊට එක්වන ලෙස ද ඉල්ලා සිටිනවා.”

මෙම මාධ්‍ය හමුවට වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ඒ.එල්.එම්. අතාවුල්ලා, මොහොමඞ් මුසම්මිල්, සරත් වීරසේකර, රංගන ශිල්පී අර්ජුන කමලනාත්, ගායන ශිල්පී ඉරාජ් වීරරත්න හා සංවිධානයේ කැඳවුම්කරු ජනාධිපති නීතිඥ මයුර ගුණවංශ යන මහත්වරු ද එක්ව සිටියහ.



අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවට කඩා වදින්න සූදානමින් සෙබළුන් 6500ක් සහිත ඇමරිකා යුධ නැව මෙරට මුහුදු සීමාවේ
ලංකාවට කඩා වදින්න සූදානමින් සෙබළුන් 6500ක් සහිත ඇමරිකා යුධ නැව මෙරට මුහුදු සීමාවේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkd9Dm3BBOImgFvvv53u2GJ86xTOqoQQOodj35Ve57W_qdEVphK24AewgH19ZVh085efPyXy7NYZYfVAm7Sv6XloTPiHMDvAQUk_uSvKishLv-hOVXxr0eoAk-YEGS3i_wU-20APg5BO6A/s320/ship.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkd9Dm3BBOImgFvvv53u2GJ86xTOqoQQOodj35Ve57W_qdEVphK24AewgH19ZVh085efPyXy7NYZYfVAm7Sv6XloTPiHMDvAQUk_uSvKishLv-hOVXxr0eoAk-YEGS3i_wU-20APg5BO6A/s72-c/ship.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/6500.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/6500.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy