ජා තික තවුහිද් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3 ක් තහනම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා. ඒ, එම සංවිධාන ත...
ජාතික තවුහිද් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3 ක් තහනම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා.
ඒ, එම සංවිධාන තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කර දින 16 කට පමණ පසුවයි.
පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන හා කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් ඇතුළු ස්ථාන 8 ක සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සෘජුවම චෝදනා එල්ලවුණේ මෙරට තුළ ක්‍රියාත්මක ජාතික තවුහිද් ජමාත් සංවිධානයටයි.
ඒ අනුව 2019 අංක 1 දරණ හදිසි අවස්ථා විධි විධාන සහ බලතල නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව මෙම සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය අප්‍රේල් මස 27 වැනිදා පියවර ගත්තා.
කෙසේ වෙතත් නැෂනල් තවුහිද් ජමාත් හෙවත් NTJ, ජමාතේ මිල්ලාතේ ඊබ්‍රහිම් හෙවත් JMI සහ විලයාත් අස් සෙයිලානි යන සංවිධාන තුන තහනම් සංවිධාන ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණේ ඊයේ රාත්‍රියේයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක ආඥා පනතේ හදිසි නීති රෙගුලාසිවල 75/1 වගන්තියට අනුවයි.
මේ අතර ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ වත්මන් නායකයා බව කියූ පුද්ගලයෙකු පොලිසිය විසින් කාත්තන්කුඩි ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ විදේශීය මාධ්‍ය ආයතනයක් ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක නිරතව සිට ඇති අතර එම අවස්ථාවේ දර්ශන අදාළ ආයතනය පසුගියදා මාධ්‍ය වෙත නිකුත් කර තිබුණේ මෙලෙසයි.
නිවේදකයා - ඔබට අමුත්තන් පිරිසක්.
නිවේදකයා - මම හිතන්නේ ඒ යුද හමුදා සහ පොලිස් නිලධාරීන් දොර ළඟ සිටින්නේ. දැන් ඒක ඔබට සාමාන්‍ය දෙයක් නේද?
මොහොමඩ් තවුෆික් - මම දන්නේ නැහැ ඇයි ඔවුන් එතන ඉන්නේ කියලා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අත්අඩංගුවට ගත් එම සැකකරු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.
මේ අතර, කොටහේන - කොච්චිකඩේ දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාත් නැමැත්තාගේ මරණ පරීක්ෂණය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ අද කැඳවනු ලැබුවා.
අප වාර්තාකරු සදහන් කළේ එහිදී එම සැකකරුගේ මව සහ පියා විසින් ඔහුගේ හිස කොටස තම පුත්‍රයා වන අලව්දීන් අහමඩ් මුවාත්ගේ බවට හඳුනාගනු ලැබූ බවයි.
මියගිය බෝම්බකරුගේ පියාවන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සාක්ෂි ලබාදෙමින් සදහන් කර ඇත්තේ මියගිය 22 හැවිරිදි තම පුත්‍රයා නීතිය පිළිබද මුලික අධ්‍යාපනය අවසන් කළ අයෙකු බවයි.
සයින්දමර්දු ප්‍ර දේශයේ පදිංචි ඥාති දියණියක සමග ඔහු විවාහ වී සිටි බවත් පසුගිය අප්‍රේල් මස මැද භාගයේදී නිවසින් පිටත්ව ගිය පුත්‍රයා මියයනතුරු දුරකථනයෙන් හෝ තමන් සමග සම්බන්ධ නොවූ බවත් ඔහු සාක්ෂි දෙමින් සදහන් කර තිබෙනවා.
මීට අමතරව මියගිය පුද්ගලයාගේ මව සහ ඥාතීන් දෙදෙනෙකු ද අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් බව අප වාර්තාකරු සදහන් කළා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය මේ මස 23 වැනිදා යළි කැදවීමට නියමිතයි.

COMMENTS