ත මාට දුරකථනයෙන් පුද්ගලයකු මරණ තර්ජනය කළ බවට පැමිණිල්ලක් ගොනු කිරීමට ඊයේ (14) දා වරකාපොළ පොලීසියට පැමිණි අවස්ථාවේදී දූෂණ විරෝධී බලකායේ මෙහෙ...
තමාට දුරකථනයෙන් පුද්ගලයකු මරණ තර්ජනය කළ බවට පැමිණිල්ලක් ගොනු කිරීමට ඊයේ (14) දා වරකාපොළ පොලීසියට පැමිණි අවස්ථාවේදී දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා අපරාධ වාර්තා කොට්ඨාශයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගැනීමට පෙර නාමල් කුමාර මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස්-:
මම අද වරකාපොළ පොලීසියට යන්න ආවේ කිසියම් පුද්ගලයෙක් මට දුරකථනයෙන් කතා කරල මරණ තර්ජනයක් එල්ල කිරීම සම්බන්ධයෙන් එම දුරකථන අංකය සමග වරකාපොළ පොලීසියේ පැමිණිල්ලක් නරන්න. දෙවැනි කාරණය තමයි මම ඊයේ කුරුණෑගල අපේ සභාපති තුමාගේ ගෙදර ඉන්න වෙලාවේ පොලිස් කණ්ඩායමක් ඇවිදින් අපේ ගේ වට කරලා නාමල්කුමාර ඉන්නවද කියල අහල තියෙනවා. බිරිඳ නාමල් කුමාර ගෙදර නෑ කිව්වට පස්සේ එයාගෙන් කට උත්තරයක් අරගෙන ගියා කියලා මගේ බිරිඳ කතා කරලා කිව්වා.
පස්සේ මම දැක්කා මමත් දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයත් එකට ඉඳගෙන කතා කරන ස්වරූපයේ ෆොටෝ එකක් අන්තර්ජාලයේ හුවමාරු වෙනවා. ඒ සම්බන්ධව යම් මාධ්‍ය ආයතන මගින් අදහස් දක්වනවත් මම දැක්කා. ඊට පස්සෙ මට දැනගන්න උවමනා වුණා පොලීසියෙන් ඇයි අපේ ගෙදර වටකරන්න ආවේ කියන එක ගැන.
ඊයේ උදේ (13 දා) මමත් අපේ සභාපති තුමත් තවත් දෙදෙනෙකුත් අපේ පුද්ගලික අවශ්‍යතාවක් වෙනුවෙන් යම් කෙනෙක් හමුවෙන්න ආරච්චිකට්ටුව ප‍්‍රදේශයට ගියා. ඒ යනකොට හෙට්ටිපොල පොලීසිය ඉදිරිපිටදී අපේ වාහනයේ රියැදුරුගේ හිතවතුන් කිහිපදෙනෙක් බහින්න කියලා අපිට කිව්ව නිසා අපි වාහනයෙන් බැස්සා. එතන භික්ෂූන් වහන්සේලාත් හිටියා. අපි ඒ අයගෙන් ඇහුවා ඇයි කියලා. පස්සේ එයාල කිව්වා අපේ පිරිසක් අත්අඩංගුවට අරගෙන තියනවා ඒ අය නිදහස් නොකළොත් අපි ගහනවා කියලා. පස්සේ භික්ෂූන් වහන්සේ නමකුයි එතන හිටපු තවත් දෙදෙනෙකුත් එක්ක අපි හෙට්ටිපොල පොලීසියේ ස්ථානාධිපතිවරයා හමුවෙලා විස්තරේ අහපුවහම එතුමා කිව්වා ඔව් කීපදෙනෙක් බිංගිරිය පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන ඒ අය මේ වෙනකොට හෙට්ටිපොල පොලීසියේ රඳවා තබාගෙන ඉන්නවා. ඒ අය නිදහස් කරනවාද නැද්ද කියන එක සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පිරිසක් මේ වෙනකොට සාකච්ඡුාවක ඉන්නවාලූ.
පස්සේ එතනට දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයත් ආවා. එතුමා මගෙන් ඇහුවා ඔයා මොකද මෙහෙ කියලා. මම එතුමට කිව්වා මම ආරච්චිකට්ටුවට යන ගමන් කට්ටිය දැකල මට කතා කළා ඒ නිසා මම බැස්ස කියලා පස්සේ එතුමා මට කිව්වා මේක මගේ ආසනය මෙහෙ ප‍්‍රශ්න මට විසඳ ගන්න පුළුවන් තමුසෙ යනවා යන්න කියලා. ඒ වෙලාවෙත් එතන යම් නොසන්සුන්තාවක් ඇති වූ නිසා මම එතනින් ගියා. පැය දෙකකින් විතර පස්සේ මට ආරංචි වුණා ඒ ප‍්‍රදේශයේ ගැටුමක් ඇති වුණා කියලා. නමුත් මම එතනදිත් රැුඳී හිටපු පිරිසට කිව්වේ ගැටලූ විසඳන්නේ මේ ආකාරයෙන් නෙමෙයි මෙහෙම ගැටලූ විසඳන්න ගියොත් අපි නිකම්ම හිරගත වෙනවා. අපි මේකට වෙනම විසඳුමකට සූදානම් වෙන ගමන් ඉන්නේ කියලා.
මේ දවස්වල රටේම ජනතාව කියනවා මේ ප‍්‍රශ්නයට වග කියන්න ඕනේ මේ රටේ දේශපාලන බල අධිකාරිය කියලා එහෙම නම් ඒ රටේ ජනතාවගේ අදහස් තුළින් විධිමත් එක් දේශපාලන සැලැස්මක් අපි සකස් කරගෙන යනවා. ඒක අපි මේ මාසෙ 19 වැනි දින අනුරාධපුර ජය ශ‍්‍රී මහාබෝධිය ඉදිරිපිටදී ප‍්‍රකාශයට පත් කරනවා. ඒ නිසා මේ කුණු ගොඩවල්වලට නිකරුණේ පැටලෙන්නත් එපා. පැටලෙන්න අපි යන්නෙත් නැහැ.
අමිත් වීරසිංහත් අත්අඩංගුවට අරගෙන කියල මට ආරංචි වුණා. නමුත් ගිය පාර අමිත් වීරසිංහ අත්අඩංගුවට ගත්තේ මම නිසා. නමුත් මේ වෙලාවෙත් මම මේ ටික කියන්න ඕනේ මොකද මම හිතන්නේ නැහැ මේ වෙලාවේ එයාට තියෙන නඩු ඇතුළු ඒ ගැටලූත් එක්ක එයා මේකට සම්බන්ධ වෙයි කියලා. නමුත් මේවා දාන්න වෙනත් ගිණුමක් නැති නිසා අපේ ගිණුම්වලට බැර වෙනවා.
ඊයේ අපේ ගේ පොලීසියෙන් වටලන්න ඇත්තෙත් හෙට්ටිපොල සිද්ධියට අපි අණ දුන්නා කියන සැකයක් මුල් කරගෙන වෙන්න ඇති කියල මම හිතනවා. නාමල් කුමාරගේ ගේ වටලන්න අවශ්‍ය නැහැ. නාමල් කුමාරට එන්න කිව්වනම් මම ඕන තැනකට එනවා. නාමල් කුමාර හැංගි හැංගි ගහන්නේ නැහැ. ගහනවනම් කෙළින් ගහනවා.

COMMENTS