කි ලිනොච්චිය දුම්රිය ස්ථානය අසලදී අද (25) දහවල් යුද හමුදා ට්‍රක්රථයක් දුම්රියේ ගැටීම හේතුවෙන් යුද හමුදා සෙබලුන් 5 මිය ගොස් තවත් සෙබලුන් දෙද...
කිලිනොච්චිය දුම්රිය ස්ථානය අසලදී අද (25) දහවල් යුද හමුදා ට්‍රක්රථයක් දුම්රියේ ගැටීම හේතුවෙන් යුද හමුදා සෙබලුන් 5 මිය ගොස් තවත් සෙබලුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
කිලිනොච්චිය දුම්රිය ස්ථානය අසල පිහිටි යුද හමුදා රෝහලේ සිට සෙබලුන් 7 දෙනෙකු රැගත් ට්‍රක් රථය කිලිනොච්චිය නගරය දෙසට ගමන්කොට ඇති අතර එහිදී දුම්රිය ස්ථානය අසල පිහිටි 55 මන්සන්ධිය අසල දුම්රිය හරස් මාර්ගයේදී ට්‍රක් රථය ධාවනය කරන අවස්ථාවේදී කොළඹ සිට කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමි දුම්රියේ ට්‍රක්රථය ගැටී ඇති බවට පොලීසිය පවසයි.
ට්‍රක්රථය දුම්රියේ ගැටීමෙන් එහි ගමන්ගත් සෙබලුන් සිව් දෙනෙකු එම ස්ථානයේම මිය ගොස් සිටි බවටත් බරපතල තුවාල ලබා සිටි තවත් යුද හමුදා සෙබලුන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසු තවත් සෙබෙලෙකු මිය ගොස් අති අතර තුවාල ලබා ඇති අනෙක් සෙබලුන් දෙදෙනාගේ තත්වයද බරපතල බවට රෝහල් බලධාරීන් පැවසූහ.
යුද හමුදා ට්‍රක්රථයේ රියදුරු දුම්රිය නොදැකීම නිසා මෙම අනතුර සිදුව ඇති බවටත් අනතුරට මුහුණදුන් සියලුම යුද හමුදා සෙබලුන් කිලිනොච්චිය යුද හමුදා රෝහලේ රාකාරි නිරත සෙබලුන් බවට හඳුනාගෙන ඇති බවට වැඩිදුර පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS