දැ නට පුරප්පාඩු වී ඇති එජනිස ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය සදහා දැඩි සටනක් ඇතිව තිබේ. සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පව...
දැනට පුරප්පාඩු වී ඇති එජනිස ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය සදහා දැඩි සටනක් ඇතිව තිබේ.
සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසන්නේ දැනටමත් ඒ සදහා ලිඛිත ඉල්ලීම් 19ක් පමණ ලැබී තිබෙන බවයි.
එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ලංකා කම්කරු කොංග‍්‍රසය, කොමියුනිස්ට් පක්ෂය, ශ‍්‍රී ලංකා මහජන කොංග‍්‍රසය මෙන්ම ශ‍්‍රීලනිප පිරිසක්ද මෙම මන්ත‍්‍රී ධුරය ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.
ශාන්ත බණ්ඩාර මහතා සන්ධාන ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මන්ත‍්‍රී ධුරය පුරප්පාඩු විය.
ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා අස්වූයේ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාලින්ද දිසානායක මහතා අභාවප‍්‍රාප්ත වූයෙන් එම දිස්ත‍්‍රික් ලයිස්තුවේ මීලග මනාපය අනුව නැවතත් පාර්ලිමේන්තුවට පැමිනීම සදහායි.

COMMENTS