වත්මන් රජයේ වැඩ කරන, ජනප්‍රිය ඇමතිවරුන්ව විවේචනය කිරීමට පෙරමුණ ගෙන සිටින එක් වෛද්‍ය සංගමයක වෛද්‍යවරුන් 07 දෙනෙකු ඉදිරි මහමැතිවරණය සඳහා ඉදිර...
ඔවුන් තමන්ට එරෙහිව ගෙන යන වැඩපිළිවෙල ද ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතියේම කොටසක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
"සෞඛ්‍ය සේවාවට මා විසින් කළ මෙහෙවරට ඇතැම් වෛද්‍යවරුන් විරුද්ධයි. ඒ ඔවුන්ට ලක්ෂ ගණන් මුදල් අහිමි වීම නිසයි. එවැනි වෛද්‍යවරුන් මට විරුද්ධව කථා කරන එක සාධාරණයි. සෞඛ්‍ය සේවාවට මා කළ මොහෙවර වෙනුවෙන් තමයි මගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කියා ඉල්ලා සිටින්නේ.
ඖෂධ ආනයන සමාගම් මා සමග තරහයි. දුප්පත් ජනතාවට වත්මන් රජයෙන් විශාල මෙහෙවරක් ඉටු කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ධනපති ආණ්ඩුවක් ලෙස චෝදනා කරනවා. සුළු පිරිසකට තමයි මෙම රුදාව තිබෙන්නේ. මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය මම ක්‍රියාත්මක කළා.
සේනක බිබිලේ මහතා ශ්‍රී ලංකාවෙන් නික්ම යනවිට ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ජනතාවට කොපමණ සේවය කළත් කෙළෙහි ගුණයක් නැති බවයි. අනාගාරික ධර්මපාල තුමා ද ප්‍රකාශ කළේ කිසියම් හොද වැඩක් කළොත් ශ්‍රී ලාංකිකයින්ගෙන් බැණූම් අහන්න සිදු වෙනවා කියලයි. එවැනි කෙළෙහි ගුණ නැති පරම්පරාවට ඔබලා එක්වන්න එපා. මෙවැනි ජනතා හිතවාදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන රජයක් යළි බිහි වන්නේ නැහැ" යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ මතුගම ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
COMMENTS