කටුනායක හා කුරණ දුම්රිය ස්ථානයන් අතර මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් 11 වනදා පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහනෙහි තාවකාලික සං...
කටුනායක හා කුරණ දුම්රිය ස්ථානයන් අතර මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් 11 වනදා පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහනෙහි තාවකාලික සංශෝධනයක් සිදු කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.
ඒ අනුව දුම්රියන් 03ක් අවලංගුවන අතර එක් දුම්රියක වේලාව වෙනස් වේ.
පෙ.ව 4.00 කොළඹ කොටුවෙ ආරම්භ ව පුත්තලම දක්වා ගමන් ගන්නා දුම්රිය ද, පෙ.ව 9.50ට නුර්නගර් වෙතින් ආරම්භව කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා දුම්රිය හා පෙ.ව 3.50ට හලාවත දුම්රිය ස්ථානයෙන් ආරම්භ වී මරදාන දක්වා ගමන් ගන්නා දුම්රිය ද අවලංගු කොට ඇත.
මීට අමතර ව පෙ.ව 04.50ට හලාවත දුම්රිය ස්ථානයෙන් ආරම්භ වී පෙ.ව 7.37ට මරදාන දක්වා ගමන් ගන්නා දුම්රිය පෙ.ව 5.35ට හලාවතින් ගමන් ආරම්භ කෙරේ.
COMMENTS