සියලුම වාහනවලට ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා දුම් පරීක්‍ෂා කර යෝග්‍යතා සහතික නිකුත් කිරීමේ අයිතිය ශ්‍රී ලංගමයට පමණක් ලබාදීමට අවශ්‍ය පියවර ග...
සියලුම වාහනවලට ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා දුම් පරීක්‍ෂා කර යෝග්‍යතා සහතික නිකුත් කිරීමේ අයිතිය ශ්‍රී ලංගමයට පමණක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවා සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී.
සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතාගේ අස්සනින් යුතු මාධ්‍ය නිවේදනයකින් මේ බව සඳහන් කර ඇත.
ශ්‍රී ලංගමය දුර්වල කර විනාශ කිරීම සඳහා පමණක්ම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නතර කිරීමට සහ ශ්‍රී ලංගමයට විධිමත් ජාතික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීමට මැදිහත් වන ලෙසත් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටී.
2008 සහ 2016 දක්වා කාලය තුළ එක්තරා සංගම් 2ක් පමණක් යෝග්‍යතා සහතික නිකුත් කිරීම වෙනුවෙන් දුම් පරීක්‍ෂා කිරීමෙන් රුපියල් කෝටි 860ක් උපයා ගත් බවත් එම මුදලින් රජයට හිමිව ඇත්තේ කෝටි 89ක් වැනි මුදලක් බවත් ශ්‍රී ලංගමයට හිමි ආදායම් මාර්ග බාහිර පුද්ගලයන්ට උපයා ගන්නට ඉඩ නොදෙන ලෙසත් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ඉල්ලා සිටී.
COMMENTS