තම පක්ෂයේ 70 වෙනි සංවත්සරයට ලංකාවේ කිසිදු පක්ෂ සංවත්සරයකට නොපැමිණි තරමේ විශාල සෙනඟක් පැමිණෙන බවත් එ් සම්බන්ධයෙන් කිසිදු පක්ෂයක් සමඟ තරඟයක්...
තම පක්ෂයේ 70 වෙනි සංවත්සරයට ලංකාවේ කිසිදු පක්ෂ සංවත්සරයකට නොපැමිණි තරමේ විශාල සෙනඟක් පැමිණෙන බවත් එ් සම්බන්ධයෙන් කිසිදු පක්ෂයක් සමඟ තරඟයක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කරයි.
මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (08) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පක්ෂ සංවත්සරය පැවැත්වෙන කොළඹ කැම්බල්පිටියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එ් සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහලේකම්වරයා, " අපි ගණන් හිලවු කියන්නේ නෑ. නමුත් ලංකාවේ කිසිම පක්ෂයකට ගේන්න බැරි සෙනඟ, එක්සත් ජාතික පක්ෂයේ මේ සම්මේලනයට එනවා. අපි කිසිම කෙනෙක් එක්ක තරඟයකට යන්නේ නෑ. අපි මේ රට වෙනුවෙන් කැපකිරීමක් කරලා තියෙනවා. අපි ඒ කැපකිරීම කළේ ජාතික ආණ්ඩුවක් හදන්න. අපි බලය ගත්තේ මේ රට පාලනය කරන්න නෙවෙයි. රට වෙනස් කරන්න. ඒ නිසා කිසිම කෙනෙක් එක්ක තරඟයට නෙවෙයි කරන්නේ" යනුවෙන් කියාසිටියේය.
වීඩියෝව පහතින්.
COMMENTS