දෙරණ වාදපිටිය වැඩසටහන වෙන්වූයේ ත්‍රස්තවාදය සහ අන්තවාදය සම්බන්ධයෙනි. රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක අබේසිංහ රන්ජන් රාමනායක මහත්වරුන...
විවාදය ආරම්භ කරමින් කාංචන විජේසේකර මන්ත්‍රිවරයා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීම බුද්ධි අංශ ප්‍රධානීන් ඉන් ඉවත් කර තානාපති සේවයට යෙදවීම වැනි කරුණු තුළින් රටේ ජාතික ආරක්ෂාව රජය විසින් පහතට ඇද දැමීම පිළිබඳ චෝදනා එල්ල කළේය.
විවාදයට එක්වූ උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක ව කරුණු ඉදිරිපත් කළේය. 2018නොවැම්බර් 30 වනදා වවුනතිව් හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරා දැමීමේ සිදුවීමේ සිට ඉස්ලාමීය අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශන වල යෙදී සිටි පී.වී.එස්.ජේ. කුමාර නම් රණශූර පදක්කම් වලින් පිදුම් ලැබූ නාවික හමුදා ප්‍රධාන සුළු නිලධාරියා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ බව උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා මෙහිදී අනාවරණය කළේය.
වැඩිදුරටත් කරුණු දැක්වු මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියේ එම නිලධාරියා ජාතික ආරක්ෂාව වෙනුවෙන් සංවේදී රාජකාරියක නියැලී ඇති බව නාවික හමුදා මූලස්ථානය විසින් දැනුම් දී තිබියදී එය නොසලකා හරිමින් මේ අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවයි.
එමෙන්ම ඊලාම් යුද්ධය අවසන් වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ රජය විසින් ඉස්ලාමීය අන්තවාදය පිළිබඳව ම සොයා බැලීම සඳහා යුධ හමුදා අටවන බුද්ධි බලකාය පිහිට වුව ද එක්සත් ජාතික පක්ෂ රජය විසින් ඉස්ලාමීය අන්තවාදය පිළිබඳ තොරතුරු සෙවීමේ කටයුත්තෙන් හමුදා බුද්ධි අංශ ඉවත් කර පොලීසියේ නාලක සිල්වා යටතේ පවතින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට එම වගකීම පැවරූ බව උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා හෙළිදරව් කළේය.
නැගුනු චෝදනා සම්බන්ධයෙන් ප්‍රබල විරෝධතාවක් ආණ්ඩුව පාර්ශ්වයෙන් වැඩසටහන පුරාවටම දක්නට නොලැබුණි.
සම්පූර්ණ වීඩියෝව පහතින්
COMMENTS