දකුණු කොරියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත එරට රජයේ උපහාරය පුද කරමින් සෝල් මෙට්‍රොපොලිටන් නගරයේ ගෞරවනී...
දකුණු කොරියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත එරට රජයේ උපහාරය පුද කරමින් සෝල් මෙට්‍රොපොලිටන් නගරයේ ගෞරවනීය පුරවැසිභාවය පිරිනමා තිබේ.
සෝල් මෙට්‍රොපොලිටන්හි නගරාධිපති Park Won-soon මහතාගේ නිල කාර්යාලයේ දී ඊයේ (30) පෙරවරුවේ පැවැත්වූ විශේෂ උත්සවයකදී ජනාධිපතිවරයා වෙත එම ගරු පුරවැසිභාවය පිරිනැමිණි.
ශී‍්‍ර ලංකාවේ සංවර්ධනය සඳහා මෙන්ම ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තුළ පවතින නොපසුබස්නා උත්සාහය හා වෙහෙස නොබලා දරන වෑයම බෙහෙවින් තම සිත්ගෙන තිබෙන බවද Park Won-soon මහතා මෙහිදී සඳහන් කළේය.
ඊට ගෞරවයක් වශයෙන් සමීප මිත‍්‍රත්වයේ සංකේතයක් ලෙස මෙට්‍රොපොලිටන් නගරයේ ගරු පුරවැසිභාවය ජනාධිපතිවරයා වෙත පිරිනමන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ගරු පුරවැසිභාවය නිල වශයෙන් ප‍්‍රදානය කිරීමේ සහතිකය පිරිනැමීමෙන් අනතුරුව පුරවැසිභාවයේ පදක්කම් ද ජනාධිපතිවරයා වෙත පැළැඳවූ නගරාධිපති Park Won-soon මහතා වර්ණවත් සළුවක් ජනාධිපතිවරයා වෙත පැළඳවීය.
පුරවැසිභාවය පිරිනැමීම තුළින් මෙට්‍රොපොලිටන් සුන්දර නගරයේ පාර්ශ්වකරුවෙකු වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් මෙට්‍රොපොලිටන් නගරාධිපතිවරයාට සහ නගර වැසියන්ට ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා, එය තමාට පමණක් නොව ශ‍්‍රී ලංකා රජයටත් එහි පුරවැසියන්ටත් දැක්වූ ගෞරවයක් ලෙස පිළිගන්නා බව ද සඳහන් කළේය.
COMMENTS