දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා පොලීසියේ නිවාඩු අවලංගු කරයි
Homeප්‍රවෘත්ති

ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා පොලීසියේ නිවාඩු අවලංගු කරයි

PropellerAds

අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවූ ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා විශේෂ රාජකාවල යෙදවිය යුතුවන නිසාවෙන් දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩ...

මොන තිරිසන් වැඩක්ද? පොලිසිය වෙඩි තියෙන්නේ දරුවගේ ඔළුවටලු! සැත්කම් දෙකක් කරලත් දරුවට අසාධ්‍යයිලු!
ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවේදී බරපතළ තීන්දුවක්!
රටේ සියළු ප‍්‍රශ්ණ පැය 24න් බේරන්න මට පුළුවනි - ගෝල්ෆේස් අරගල නායක ධම්ම සුජාත හිමි (VIDEO)
ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා පොලීසියේ නිවාඩු අවලංගු කරයි

අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවූ ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා විශේෂ රාජකාවල යෙදවිය යුතුවන නිසාවෙන් දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට කටයුතු කරන ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් වැඩ බලන පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න මහතාට නියෝග කර ඇත.

එසේම ආපදාවට ලක්වූ ජනතාවගේ නිවාසවල ඇති බඩු භාණ්ඩ සොරාගැනීම් වැළැක්වීම සඳහා විශේෂ පොලිස් මුර සංචාර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් අමත්‍යවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළේය.

පවතින ආපදා තත්ත්ව පිළිබඳ පාර්ලිමේන්තුවේ දී ඊයේ (30) පස්වරුවේ විශේෂ රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර ඊට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ,ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ආපදා කලමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු මැති ඇමතිවරුන්ද  ආරක්ෂක අමාත්‍යයංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පතිවරයා, ඇතුළු  ‍ජේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුද සහභාගී වූහ.

දැනට ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජනතාවට සහන ලබා දීම , ඉදිරි දිනවලදී යළි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් හානි අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග ආදිය පිළිබඳවද එම රැස්වීමේ දී සාකච්ඡා කරනු ලැබිණ.

එසේම ඉදිරියේ දී ඇතිවිය හැකි ගංවතුර තර්ජන අවම කර ගැනීමට ගත හැකි පියවර පිළිබඳ සාකච්ඡා  කෙරුණු අතර මේ වන විට ජල මට්ටම ඉහළයමින් පවතින නිල්වලා, ගිං, කළු ගඟ ඇතුළු ගංගාවල ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන්වලදී හානි අවම කිරීම වෙනුවෙන් ගතහැකි පියවර පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබිණ.

ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම්දීමට ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික ඇමතුම් අංකය විවෘතව ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා පොලීසියේ නිවාඩු අවලංගු කරයි
ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා පොලීසියේ නිවාඩු අවලංගු කරයි
http://ift.tt/2AKBDkT
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_61.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_61.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy