දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවට සල්ලි නෑ - වාසනාවන්තයින්ට පාන් අනිත් අයට බුල්ටෝ
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවට සල්ලි නෑ - වාසනාවන්තයින්ට පාන් අනිත් අයට බුල්ටෝ

PropellerAds

පසුගිය සතියේදී ආර්ථිකයේ විශාල වශයෙන් වෙනසක් ඇති කිරීමට හැකිවූ බවත්,  ත්‍රිකුණාමලය වරායේ යෝජනාවලට ඉන්දියාවේ සහ ජපානයේ ආයෝජනයන් ගෙන ඒමට බලාප...

මම නම් යුක්‍රේනයෙන් 1791 දෙනෙක් ගෙනාවා. සංචාරක බලධාරීන්ගේ කයිවාරු විතරයි, වැඩ නෑ - උදයංග
අද ජනාධිපති ඉන්නේ වෙනම මානසිකත්වයක.. පුස් උණ්ඩවලට පලාත් සභා ඡන්දෙදි උත්තර දෙන්න සූදානම් - හේෂා විතානගේ
බුරන උන්ට බයේ නවත්වන්නේ නෑ.. නැගෙනහිර පර්යන්තය දෙනවාමයි - ලන්සා
ආණ්ඩුවට සල්ලි නෑ - වාසනාවන්තයින්ට පාන් අනිත් අයට බුල්ටෝ

පසුගිය සතියේදී ආර්ථිකයේ විශාල වශයෙන් වෙනසක් ඇති කිරීමට හැකිවූ බවත්,  ත්‍රිකුණාමලය වරායේ යෝජනාවලට ඉන්දියාවේ සහ ජපානයේ ආයෝජනයන් ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (13) අරලියගහ මන්දිරයේ දී පැවති රාජ්‍ය කළමනාකාර සහකාර තුන්වන ශ්‍රේණිය සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එසේම ඉන්දියාව සමඟ මෙන්ම සිංගප්පූරුව වැනි සෙසු රටවල් සමඟද ආයෝජන සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා පවත්වන බවත් ඉදිරි අවුරුදු කිහිපය තුළ ආර්ථික න්‍යාය පත්‍රයක් ගෙන ඒමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරා,

“අපි ඉස්සර පාන් 2ක් ගන්න පෝළිමේ ගිහාම වාසනාවන්ත අයට තමා පාන් ලැබුණෙ. අනිත් අයට හම්බුනේ බුල්ටෝ.  මට වාහනයක් තිබුණා. ඒකට රෝද 4ක් තිබුණා. නමුත් අපිට ලැබුණෙ රෝද 2ක් විතරයි. රජය හැමදේම පාලනය කළොත් කිසිම දියුණුවක් වෙන්නෙ නැහැ. වාහනේ වුණත් ඇක්සිලේටරයයි බ්‍රේක් එකයි දෙකම එකට ගෙනියන්න බැහැ. එකක් අතහරින්න වෙනවා.

ආණ්ඩුවට සල්ලි නෑ. පහුගිය කාලේ දේශීය ආයෝජකයන්ට සල්ලි තිබුණෙත් නැහැ. ඒ නිසා තමා අපි විදේශීය ආයෝජකයෝ ගෙනාවේ. කටුනායක ආයෝජනයත් එක්ක ආයෝජනය සම්බන්ධයෙන් චීනයේ විශාල වශයෙන් පෙරළියක් වුණා. යල් පැනපු අදහසවලින් මේ දේවල් දියුණු කරන්න බැහැ.

රජයට හැමදේම පාලනය කරන්න බැහැ. අපිට එකඟතාවක් තියෙන්න ඕනෙ. පක්ෂ ගණනාවක් එකතු වෙලා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා තමා අපි ඒ දේ පළමු වතාවට කළේ. දෙවැනි පියවර විදිහට අපි ආණ්ඩුවක් කෙරුවා ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා. ඊළඟ ඡන්දෙදි අපි වෙන වෙනම තරඟ කරනවා. එතකොට ජනතාව තීරණය කරයි කවුද ඉන්න ඕනෙ කවුද යන්න ඕනෙ කියලා.

චීනය වියට්නාමය වගේ අපේ රටවල්වලට යන්න බැහැ. එයාලගේ ප්‍රතිපත්තිත් එකයි රජයත් එකයි. අපි ප්‍රතිපත්ති තියාගෙන අනිත්  ඒවා වෙනස් කරන්න ඕනෙ. චීනය වියට්නාමය වගේ අපිට දෙකම එකට තියාගෙන යන්න බැහැ. පක්ෂ දෙකක් එකට වැඩ කිරීමත් ලෙහෙසි නැහැ.

ගිය සතියේ ආර්ථිකේ විශාල වශයෙන් වෙනසක් ඇති කරන්න පුළුවන් වුණා. ත්‍රිකුණාමලය වරාය සම්බන්ධ යෝජනාවලට ඉන්දියාවේ සහ ජපානයේ ආයෝජන අපි ගේනවා. ඉන්දියාව එක්ක වගේම සිංගප්පූරුව වගේ අනිත් රටවල් එක්කත් අපි ආයෝජන ගැන කතා කරනවා. ඊළඟ අවුරුදු කිහිපය තුළ අපි ආර්ථික න්‍යාය පත්‍රයක් ගේනවා. “ යැයි වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවට සල්ලි නෑ - වාසනාවන්තයින්ට පාන් අනිත් අයට බුල්ටෝ
ආණ්ඩුවට සල්ලි නෑ - වාසනාවන්තයින්ට පාන් අනිත් අයට බුල්ටෝ
http://ift.tt/2jexpZ7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_558.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_558.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy